English English සිංහල සිංහල தமிழ் தமிழ்

ලක්වාසීන් නත්තල හරසරින් පිළිගනී.

Facebook
Twitter
LinkedIn

ලොවට සාමයේ පණිවුඩය රැගෙන ආ ජේසු බිළිඳාගේ උපත ඊයේ මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකාවට උදාවූවත්, ලොව පළමුව නත්තල උදාවුණේ නවසීලන්තයේ නවසීලන්තයේ – බැලනි දූපතටයි.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු ප‍්‍රධාන නත්තල් දේව මෙහෙය ඊයේ රාත‍්‍රී 11.45 ට පන්නිපිටිය ක්‍රිස්තු රජාණන්ගේ දේවස්ථානයේදී ආරම්භ වුණා. ඊට සමගාමීව දිවයිනේ සෑම දේවස්ථානයකම මධ්‍යම රාත‍්‍රි නන්තල් දේව මෙහෙයන් පැවැත්වුණු බවයි සන්නස වාර්තාකරුවන් සඳහන් කළේ.

මීගමුව, හලාවත, සීදූව යන ප‍්‍රදේශවල කිතුණු දේවස්ථාන බැතිමතුන්ගෙන් පිරී ඉතිරි ගොස් ඇති බවයි සන්නස ප‍්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද දිළිඳු ජනතාවට අතහිත දෙමින් සාමයෙන් මෙවර නත්තල අර්ථවත් ලෙස සමරන ලෙසටයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය නත්තල් දින පණිවුඩයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, ශුද්ධ වූ ෆැන්සිස් පාප් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් වතිකානුවේ ශාන්ත බැසිලිකා දෙව්මැදුරේදී පැවැත්වෙන නත්තල් දේව මෙහෙයට ඊයේ රාත්‍රියේ එක්වුණා.

මේ අතර, නත්තල් උත්සවයට සමගාමීව බන්ධනාගාර රැඳවියන් 309 දෙනෙකුට අද දිනයේ නිදහස් ලබාදුන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක පාලන කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේ පිරිමි රැඳවියන් 306 දෙනෙකුට සහ කාන්තා රැඳවියන් 3 දෙනෙකුට මෙලෙස නිදහස හිමි වූ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000