 
                            දිවයින පුරා ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබෙනවා. ඒ අනුව දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කර ඇති බැවින් පුත්තලම සහ හලාවත ප‍්‍රදේශවල ඒ ආශ‍්‍රිතව ජීවත්වන දැඩි අවධානයෙන් පසුවන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළේ.
දැදුරු ඔයේ ඉහළ ප‍්‍රදේශවලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ලැබීම හේතුවෙන් එමඟින් නිකුත් කෙරෙන ජලධාරිතාව තවදුරටත් ඉහළ යනු ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.
එමෙන්ම පරාක‍්‍රම සමුද්‍රයේ වාන් දොරටු හතරක් සහ රාජාංගණය ජලාශයේද වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා.
එමෙන්ම යාන් ඔය සුළු වශයෙන් වාන් දමමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ අංශයේ ඉංජිනේරු ඩී.අබේසිරිවර්ධන කියා සිටියේ.
 
                         
             
             
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                