/
/
title icon අරගලයේ ඩිලාන්ට පහර දුන්නේ තරුණියක් නිසා බව හෙලි වේ.
අරගලයේ ඩිලාන්ට පහර දුන්නේ තරුණියක් නිසා බව හෙලි වේ.
Editor
1 year ago
Share:
අරගලයේ ඩිලාන්ට පහර දුන්නේ තරුණියක් නිසා බව හෙලි වේ.

සමාජ මාධ්‍ය ක‍්‍රියාකරුවෙකු වන ඩිලාන් සේනානායක නැමැත්තාට තියුණු ආයුධයකින් පහරදීම, ගාලු මුවදොර අරගල භූමියේ ඇතිවූ ගැටුමක ප‍්‍රතිඵලයක් බවට අනාවරණය වී තිබෙනවා. ඒ සිද්ධියට අදාළව අද අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කළ ප‍්‍රශ්න කිරීම්වලදීයි.

පසුගිය 14 වනදා මුහුණු ආවරණය කරගත් දෙදෙනෙකු ත‍්‍රිරෝද රථයකින් ඔහුගේ නුගේගොඩ, පාගොඩ පාරේ පිිහිටි නිවසට පැමිණ මෙම පහරදීම සිදුකර තිබුණා. ඒ අනුව දෙමටගොඩ, කොම්පඤ්ඤවීදිය සහ බොරැල්ල ප‍්‍රදේශවල පදිංචි 28 සහ 44 අතර වයස්වල පසුවන සැකකරුවන් 04 දෙනා අද අත්අඩංගුවට ගනු ලැබුවේ පහරදීමට යොදාගත් පිහි දෙකක් සහ ඔවුන් පැමිණි ත‍්‍රීරෝද රථයද සමඟයි.

මෙම පිරිස ගාලූ මුවදොර විරෝධතා පැවති කාලසීමාවේ දිනපතා අරගල භූමියට ගොස් තිබෙනවා. එහිදී ප‍්‍රධාන සැකකරු සමඟ මිත‍්‍රත්වයක් ඇතිකරගත් තරුණියකට ඩිලාන් සේනානායක සමච්චල් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

ඊට ප‍්‍රධාන සැකකරු විරුද්ධ වී ඇති අතර පහරකෑමට ලක්වූ ඩිලාන් සේනානායක ඔහුගේ කමිස කොළරයෙන් අල්ලා තර්ජනය කර තිබෙනවා.

ඊට පළිගැනීමක් ලෙස මෙම පිහි ඇනුම සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required