English English සිංහල සිංහල தமிழ் தமிழ்

දිනේෂ් ෂාෆ්ටර් දිවි නසා ගත්තා ද ? – විමර්ශකයින්ගේ අලුත්ම සැකය.

Facebook
Twitter
LinkedIn

ජනශක්ති සමාගමේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිය දිවි නසාගැනීමක්ද යන්න සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සැක මතුව තිබෙනවා. එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ එම සැකය ඔස්සේද විමර්ශන ක‍්‍රියාත්මක බවයි. මේ අතර ෂාෆ්ටර්ගේ සිරුරෙන් සහ මෝටර් රථයෙන් ලබාගත් ඇඟිලි සළකුණු පිළිබඳ වාර්තාව අපරාධ වාර්තා කොට්ඨාසය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

පසුගිය 15 වනදා පස්වරුවේ අත්, පා බැඳ ගෙල තන්තුවකින් ගැට ගසා සිය මෝටර් රථය තුළ අසාධ්‍ය තත්ත්වයේ සිටියදී සොයාගැණුනු දිනේෂ් ෂාෆ්ටර් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වුණා.

එදින පස්වරු 02 යි 05 ට පමණ කොළඹ 07 , මල්පාරේ පිහිටි සිය නිවසෙන් ෂාෆ්ටර් පිටත්ව ගොස් තිබුණා. ඔහු බොරැල්ල සුසාන භූමිය වෙත ගමන් කර ඇති බව සීසීටීවී දර්ශන ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර කොළඹ 07, මලලසේකර මාවතේ පිහිටි අවන්හලකින් කෙටි ආහාර මිලදී ගෙන ඇති බවටද හෙළි වුණා. එමෙන්ම එලෙස ලබාගත් කෙටි ආහාරයෙන් කොටසක් ඔහු ආහාරයට ගෙන ඇති බවටයි කරුණු අනාවරණය වුණේ.

ෂාෆ්ටර්ගේ බිරිඳ, සහෝදරයන් දෙදෙනා, සොහොයුරිය ඇතුළු පවුලේ සාමාජිකයන්ගෙන් මෙන්ම ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කළ විධායක නිලධාරි ක‍්‍රිෂ් පෙරේරාගෙන් සහ නිලාම් නම් සුසාන භූමි කම්කරුවාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ ලබාගෙන තිබෙනවා.

ඊට අමතරව රුපියල් කෝටි 143 ක ණය මුදලක් සම්බන්ධයෙන් ආරවුලක් පවතින ක‍්‍රිකට් විස්තර විචාරක බ‍්‍රයන් තෝමස්ගෙන්ද සිද්ධිය වූ දින රාත‍්‍රියේම ප‍්‍රකාශ ලබාගැනීමටයි විමර්ශන නිලධාරින් පියවර ගනු ලැබුවේ.

ෂාෆ්ටර්ගේ කොළඹ 07, මල්පාරේ පිහිටි නිවසට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් පෙරේදා ගොස් විමර්ශන සිදුකළා. වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ ෂාෆ්ටර්ගේ ගෙල සිරකර තිබූ ප්ලාස්ටික් පටිය ඔහුගේ නිවසේ ඇති කේබල් ඇන්ටනාවේ වයරයට සමාන බවටයි.

එසේම ෂාෆ්ටර්ගේ දෑත් බැඳ තිබූ පටියට සමාන පටි ඔහුගේ නිවසේ තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සොයාගෙන ඇති බවටත්, එම පටි ෂාෆ්ටර් සිය මෝටර් රථයේ ඉදිරිපස අසුනේ දමා රැගෙන යන ආකාරය නිවසේ සීසීටීවී කැමරාවල සටහන්වී ඇති බවටත් වාර්තා වනවා.

මෙම සියලූ කරුණු කෙරෙහි අවදානය යොමුකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. මේ අතර ෂාෆ්ටර්ගේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් පොලිසියට සඳහන් කර ඇත්තේ අවසන් කාලයේ ඔහුගේ හැසිරීමේ වෙනසක් දුටු බවයි.

සිද්ධිය වීමට දින කිහිපයකට පෙර සිය මව අමතා ‘‘අම්මේ මාව හදාගත්තාට බොහොම ස්තූතියි’’ යනුවෙන් ප‍්‍රකාශ කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා. එමෙන්ම ෂාෆ්ටර් සිය බිරිඳගේ මවටද යහපත් දියණියක් හදා දීම පිළිබඳ කෙටි පණිඩුඩයක් යොමුකරමින් ස්තූතිය පළකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර බ‍්‍රයන් තෝමස්ට අමතරව තවත් පුද්ගලයෙකුද දිනේෂ් ෂාෆ්ටර්ට රුපියල් කෝටි 40 ක මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවටද විමර්ශන නිලධාරින් මේ වන විට හෙළිදරව් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කතාබහට ලක්වන පරිදි දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිය දිවි නසාගැනීමක්ද ? එසේ නොමැති නම් සිද්ධිය පිළිබඳ සත්‍ය තොරතුරු යටපත් කිරීමේ අරමුණින් විමර්ශන වෙනත් අතකට යොමුකිරීමේ උත්සහයක්ද ? යන්න සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000