English English සිංහල සිංහල தமிழ் தமிழ்

යශෝරාවයෙන් අපට හමුවන අපේ කාලේ කවිකාර ඉංජිනේරු තරුව.

Facebook
Twitter
LinkedIn

කෝවීඩ් කියන්නෙම මිනිස්සු ජීවිතේ මුළුමනින්ම අඳුරට ගිය කාලයක්. ඒත් මේ අඳුරුම කාලය එක කවිකාර තරුවක් පායන්න හේතුවක් වුණේම කොවීඩ් කිව්වොත් මම වැරදි නෑ.

” මා සිතන නො සිතන
ඔබට හැඟෙන නො හැඟෙන
මා කරන නො කරන
ඔබට පෙනෙන නො පෙනෙන
මා පවසන නො පවසන
ඔබට ඇසෙන නො ඇසෙන
ත්‍රිවිධාකාර චතුර්විධ අතර
අවබෝධය අනවබෝධය
ඔබ සතුවන අතර
ආයාසය නිරායාසය ඔස්සේ දිවෙන
පැවතීම වියැකීම
මා සතු වන්නක් ම පමණි…”

ඔබ සිතන අපි නොහිතන මේ ආගන්තුක කවිකාරයා කවුද කියලා අපිටත් කිව්වොත්,

මම ශශිල යශෝධ වර්ණසූරිය.
නුවරඑළිය ගම් පළාත. ග්‍රෙගරි වැවට උඩ ලස්සන ගම්මානය-බොනවිස්ටා.

සුන්දර නුවරඑළියේ අපිට අහම්බෙන් හමුවුණු කවිකාරයෙක්. ඉතින් ඔබ දැනට විශ්වවිද්‍යාල විද්‍යාර්ථීයෙක්,

  • නු/ ගාමිණී ජාතික පාසලෙන් අධ්‍යාපන ලබලා දැනට යාපනය විශ්ව විද්‍යාලය ඉංජිනේරු පීඨයේ අධ්‍යයන කටයුතු කරගෙන යනවා.  

අපි මතක් කරමු මෙතෙක් ආව ගමනේ ලස්සන මතක ඇති ඒ ගැනත් මතක් කරගෙන යමු

ඇත්තටම කිව්වොත් කවි ලියන්න මම පටන් ගත්තේ 2004 වගේ. පුදුමත් ඇති ඒ තරම් පොඩි කොල්ලෙක් කවි ලියන්න උත්සාහ කරා කියනකොටත්. අදටත් මතකයි ඒ පද පේළි ටික

කවියට අත්පොත් තියන්නේ ඔබ දෙක ශ්‍රේණියදි ? මතක් කරමු ඒ රසබර පද පේළි ටික

සුදු මල් පොති ලස්සනයි
සුදු පාටින් පොති වගේ
සුදුසු තැනට මේ මල් තියෙනවනෙ
අපිට ආදරෙයි මල්
අපිත් ආදරෙයි මල් වලට

කියන්න ඕනේ කතාවක් තියෙනවා මම මේ කවිය ලියන්නේ සුදු මල් වගයක් දැකලා. ඒ වගේම අකුරු වුණත් පෙති වෙනුවට පොති ලියලා තියෙන්නේ අදටත් මගේ මතකේ තියෙන්න හේතුවත් ඒකම වෙන්න ඇති.

මෙහෙම ලියන්න පටන් ගන්න පොඩි ශශිල ට අම්මාගෙන් ලැබෙන ආශිර්වාදයක් මම හරිද

ඇත්ත වශයෙන්ම අම්මා ලියන කෙනෙක් ඒක මට මගේ මේ ජීවිතේ ආව ගමනට ලොකු හයියක් වුණා. අම්මා නමින් ඇය තුසිතා කැකුළාවල. අම්මා පොත් ලියලා තියෙනවා.හැබැයි පබ්ලිෂ් කරලා නම් නෑ. පත්තර වල කවි පිටුවලට ලියනවා. අම්මා කලාවට කොහොමත් නෑකම් කියන කෙනෙක්.

ශශිලගේ මුල්ම පොතද අළු කියන්නේ ?

නෑ . මම මීට කලින් පොත් 4ක් කරලා තියෙනවා. ඒත් ඒ කවි පොත් නම් නෙවෙයි. 2008 6 ශ්‍රේණියේ ඉන්නකොට ” වෝල් ටෙයිම් ” කියලා පොතක් ලියනවා. 2010 දි යුද්ධය ගැන ඒ අත්දැකීම් එක්ක ලියනවා ” අභීත මෙහෙයුම ” ඔහොම ඉන්නකොට මටම හිතෙනවා පවුලක් කොහොමද එකට ඉන්නේ ඒ ගැන ” පවුලක දිවිය ” නමින් කතාවක්, තවත් එක විශේෂ සිදුවීමක් තියෙනවා ගමේ මම දැකපු එක අමුතු මනුස්සයෙක් හිටියා ඔහු ගැන මගේ කෝණයෙන් මම ” මූසලයා ” කියලා පොතක් කරා. මේ අතරෙන් මුද්‍රණය කරපු පොත් දෙකක් වගේ තමයි තියෙන්නේ. අනෙක් ඒවා අත් අකුරින් ලියපුවා තවමත් පරිස්සමට තියෙනවා. ඔන්න ඔහොමයි මගේ පොත් වල ඉතිහාස කතාව.

ඔහොම ආව ශශිලගේ කතාවේ තව රසබර තැන් ඇති? 

O/L කාලේ කොලවල එක එක හිතුන අත්දැකීමක් හිතට දැනුණු කවි ලියලා තියෙනවා. ඉතින් ඔහොම කාලයක් යනකොට මම උසස් පෙළට ගනිත අංශයෙන් නුවර ක්ලාස් යනන පටන් ගත්තා. ඒ කාලේ හරි වෙහෙසකරයි. විෂයට අලුත් නිසාත්ම ඒ එන ස්ට්‍රෙස් එක නැති කරගන්න කවි ලිව්වා.

තවත් විදිහකින් මම පාඩම් මතක තියාගන්න ඒ වචන දාලා හදලා කවි ලිව්වා. මට දැනෙනවා එතකොට ඒ වචන මට සමීපයි කියලා. ඒ කාලේ අම්මා සාමාන්‍ය පෙළ ලියනකොට මතක හිටින වචන වලින් කවි ලියලා දෙනවා. ඒවා ඉබේම මතකෙට හුරු වෙනවා. උසස් පෙළ ගණිත අංශයෙන් තෝරා ගත්තට පසුව එහෙම දුක , සතුට ආදරය, වචන වලට කවි වලින් එළියට ආවා. එහෙම ලියපු කවි අතර

V = IR

හදිසියේ,
දුරස්ථ විභව අන්තරයක නග්න,
ප්‍රේමය නම් ධාරාව…
අවිශ්වාසය නම් ප්‍රතිරෝධය හමුවේ,
ජීවිතය නම් පරිපථය ම,
විසන්ධි කරවන් ට සමත් විය…

කියලා කවියක් තිබ්බා මතකයි.

හරි අපූරු කවියක්, ඒ වගේ තැන් මතකයේ රැදෙන තවත් තැන් ඇති ?

උසස් පෙළ කරලා ඉන්න තිබුණ කාලේ HNB එකේ වැඩ කරේ මුල් කාලේ. ඒ කාලෙ මට හරි නුහුරු බවක් දැනුණා. ඒ මිනිස්සු කී බෝඩ් වලට පුරුදු වෙලා ෆෝන් වල ඉතින් එහෙම මට නුහුරු වුණා. මම ඒ කාලේ පොඩි පොඩි කවි කොල කෑලි ලියන්න ගත්තා ඒ අතර මම ලියපු කවි ඒ අයට වගේම අදටත් ගොඩක් අයට තේරුම් ගන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. සමහර අය ඒවා ලස්සනයි කිව්වේ ඒවයේ පිට අර්ථය බලලා. ඇතුළාන්තය ගැන නොහිතා. ඉතින් මම හිතන්නේ මම ලියන එක හැමෝටම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්.

කවි විතරමද ඒ කාලේ ලියන්න හිතට ආවේ ?

නෑ සිංදු වගයක් ලියලා තියෙනවා එයින් එකක් මම තුන්වෙනි පාරට සිරිපා නගිද්දි වගේම සිරිපාදේ ඉදන් බැහැගෙන එද්දී දකිනවා ලස්සන ගෑණු ළමයෙක්. ඒ ගෑණු ළමයා දැකලා ඇය වෙනුවෙන් මුලින්ම සිංදුවක් ලිව්වා. ඒ අත්දැකීම මට හරි අමුතු අත්දැකීමක් වුණා.

කවර් එකක් කරා අහම්බෙන් වගේ. කොවීඩ් කාලේ ඔන්ලයින් ඉවෙන්ට් එකක් කරා අපි ඔල්මාදේ කියලා. ඒ ඕගනයිස් ටීම් එකේ හිටියා ඉතින් ඒකේ මට සිංදුවක් කියන්න තිබුණා. හෙට ඉවෙන්ට් එක නම් අහම්බෙන් වගේ සූදානමක් වත් නැතිව හිටිය මට යාළුවෙක් එදා හවස ඇවිත් අපි ලස්සන කවර් එකක් කරා. ඒක මගේ යූ ටියුබ් චැනල් එකේ තියෙනවා.

පස්සේ මෑත කාලයේ මම සිංදුවක් ලියනවා ඒ ගණිකාවක් ගැන, ඇගේ ජීවිතේ මුල් පද ටික අතර ඇගේ ගනුදෙනුව පිරිමි සමඟ ගැටෙන හැටි, ක්ල්බ් වලට සම්බන්ධ වන හැටි පස්සේ ඇයි ඔබ මේ රැකියාවම තෝරා ගන්නේ, ඔබට හොඳ මවක් වෙන්න පුළුවන් බව චරිතවත් බව රැකගෙන ගැහැණියක් ලෙස ඉදිරියට යා හැකි බව පෙන්වා දෙන්න මම ඒකෙන් උත්සහ කලා.

ඒ ගීතයේ නමින් හැඳින්වූවොත් ?

ගීතය මහීමා….

කවි, කතා, සිංදු ලියලා, නාට්‍ය , රංගන වගේ හැම දෙයකටම දායක වෙලා ඊට අමතරව මොන වගේ කෙනෙක්ද ඔබ ?

විවේක වෙලාවට සිංදුවක් කියලා ඉන්නවා , පස්සේ මෑත කාලයේ නම් මගේ අතෙන් මයික් එක ගිලිහෙන් නැති එකක් වෙලා නිවේදන කටයුතු වලට දායක වෙනවා.

 

 

කවි පොතක් කරානම් කියලා හිතුණෙ කොහොමද ?

අපේ අම්මා දවසක් කියනවා මනුස්සයෙක් සම්පූර්ණ වෙන්න නම් දේවල් තුනක් කරන්න ඕනි කියලා.

” පැලයක් හිටවන්න ඔනේ
පොතක් ලියන්න ඕනේ
පුතෙක් හදන්න ඕනේ “

ඉතින් මටත් ඒ ටික සම්පූර්ණ කරන්න හිතුණා ඒ නිසාම මගේ අදහස් පොතකට ගත්තා. දැනට මුල් කරුණු දෙක සම්පූර්ණයි (සිනාසෙමින්).

පොත ගැනත් මතක් කරන්න දේවල් ඇති ?

අළු කියන්නේ කළු සුදු අතර දෝලනය වන පාටක් . ඉතින් කළු කියන්නේ නරක නපුරු හොඳ නැති කියන අර්ථය. සුදු කියන්නේ පිවිතුරු හොඳ වටින කියන අ‍ර්ථය.

මිනිස්සු වෙච්ච අපි හැමෝම කළුත් නෑ. සුදුත් නෑ. ඉතින් අපි හැමෝම අළුයි. අළු කියන්නේ කළු අපිව සුදු පැත්තට බර කරන්න පුළුවන් පාටක්. ඉතින් මම හිතුවා අළු මිනිස්සුන්ට සුදු පාටට යන්නට අත්වැලක් වෙන්න.

මිනිස්සු ගැන කියනකොට ජීවිතේ ගැන කියන්න දෙයක් ඇති ඔබටත්

අපි ජීවත් වෙන්න ඕනේ අපි ජීවත් වෙනව කියන විදීම දැනෙන විදිහටයි. ඉන් එහාට ලොකු බරක් පටවාගෙන යන ගමනක් නෙවෙයි මේක. ඒක මමත් තවමත් තේරුම් ගන්න උත්සහ කරනවා.

ආදරය ගැන ඔබට දැනෙන දේ විස්තර කරන්න කැමතිද ?

අනිවාර්යයෙන්ම. මම පොඩි සාරාංශයක් දෙන්නම් ඒ ගැන. මොන දේ තිබුණත් වැඩක් නෑ දෙන්නට දෙන්න තේරුම් අරන් විශ්වාසෙන් යන ගමනක් නැත්නම්. කෙනෙක් අනෙකා කැපවෙලා කරන පොඩිම දේකට උනත් වටිනාකමක් දෙන්න ඕනේ. ඒ කෙනාට ඒ කෙනා වෙලා රැදෙන්න දීලා කැපකිරීම් දෙන්නට දෙන්න කරගන්න ඕනේ. තනි අතෙන් අත්පුඩි ගහල වැඩකුත් නෑ. තව දෙයක් ඉවසීම කියන එක තියෙන්නත් ඕනි. කියන තරම් සුන්දරමත් නෑ ආදරේ. දූරියන් වල ගඳ / සුවඳ හැම කෙනාටම එකම විදියට දැනෙන්නේ නෑනේ. නේද…

අනාගතයේදී හීනයක් ඇති, ඉංජිනේරුවෙක් විදිහට ඔබට දකින්න ලස්සන මාවතක් ඇති ?

මම මුලින්ම කියන්න ඕනේ කිසිම බලාපොරොත්තුවකින් මම සාමාන්‍ය පෙළට මූණ දුන් නෑ. ඒ විභාගෙ මගේ අම්මාගෙ, තාත්තගේ කැපවීමෙන්ද ඒ 9ක් එනවා. ඒත් මම ගණිතය විද්‍යාවට ඒ තරම් දක්ෂ කෙනෙක් නෙවෙයි. ඒ නිසාම බැරි දෙයක් ඉගෙන ගන්න මම ගණිත අංශය තෝරා ගන්නේ.

ඉතින් බැරි දෙයක් ඉගෙන ගන්න ආව ගමනක් මේ. උසස් පෙළ පළමු වර මාව තේරී පත් වුණේ රුහුණු විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාව කරන්න. පස්සේ දෙවනි වතාවත් උසස් පෙළ කරා. එවර යාපනය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරී පත් වුණා.

ඒත් මම කලින් කිව්වා වගේ විභාගෙ කරලා ඉන්න කාලේ බැංකුවක වැඩට ගිය ගමන වගේම අදටත් මම කැමති මූලය ක්ෂේත්‍රයේ රැකියාවකට. මීඩියා චැනල් එකක් එකක වැඩ කරන්න ආසාවකුත් තියෙනවා. ඉංජිනේරු රැකියාවක් මගේ තේරීමමයි කියන්නේ නැත්තේ මම ඒකයි.

මේ කිව්වා වගේම ඔබ හොඳ සවන්දෙන්නෙක්. කවියෙක්. සමාජය වෙනුවෙන් දෙයක් කරපු කෙනෙක් ඒ ගැන මතක් කරමු අපි.

ලොකු ලොකු දේවල් කරලා නෑ. උසස්පෙළ විභාගෙ ලියලා සයන්ස් එකේ කට්ටිය එකතු කරගෙන 14 000 මුදලක් හොයාගෙන අපි දානයක් දෙනවා ළමා නිවාසෙකට. ඒක මතක සටහන් වල උඩින්ම තියෙන එකක්.

ඊට අමතරව මම ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමයේ තරුණ සංගමයේ යාපනය සංගමයේ 2022- 2023 සභාපති වරයා විදිහට වැඩ කරනවා.

ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන් green bulding council එකේ magazine එකකට ආර්ටිකල් එකක් ලිව්වා. ආය IESL එකෙන් කරපු article competition එකකදී මම ලිව්ව article එකට මට පළමු තැන එනවා ඒ සතියට අදාළව.

මේ දවස්වල අලුත් වැඩ මතක් කරොත්

ඉගෙනුම් වැඩකටයුතු කරගෙන යනවා.ඉන්ටර්න් යන්න ලඟයි.ඒ වැඩත් එක්ක “මහීමා ” සිංදුවක් ඉස්සරහදි හනුවෙන්න් පුළුවන්. තව 2023 ජනවාරි මුල ගොඩක් වෙලාවට cover song එකක් release වෙයි.

 

 

සමාජේ මිනිස්සුන්ට ඔබට කියන්න දෙයක් ඇති. අපි අවසානෙට කතා කරමු ඒ ගැනත්.

අද කාලේ සල්ලි එක්ක යන ගමනක් හැමෝම ජීවත් වෙන්නේ ප්‍රශ්නත් එක්ක. කොයි තරම් දේවල් තමන්ට තිබ්බත් නිහතමානී වෙන්න ඕනේ.මම කලින් A/L ක්ලාස් ගිය කාලේ ටොෆි කොලෙත් පාරට දාන කෙනෙක්. යාළුවෙක් මට දවසක් කිව්වා දැනෙන්නම ඒක වැරැද්දක් කියලා එයාගෙ වචනෙන්ම. ඉතින් එදා ඉදන් මම නිහතමානී වුණා කවදාවත්ම එහෙම නොකරන්න. අපි මිනිස්සු විදිහට මොන තරාතිරමක හිටියත් අනෙක් අයව අගය කරන්න ඕනේ.ඉවසන්න ඕනේ.අපි එක්කම ඉන්න මිනිස්සු අපිට ගරහන්න පුළුවන් ඒත් අපි කවුද මිනිස්සු කියලා දැනගෙන ඒ කෙනාගෙ විදිහට ගරු කරන්න ඕනේ. කෙනෙක් එක වචනයක් වුණත් කෙනෙක් ජීවිතේ ම වෙනස් වෙන තෝතැන්නක් වෙන්න පුළුවන්.

සසන්නස අපි ගැන්  ඔබේ අදහස

ඇත්තටම මේ වගේ විශ්වවිද්‍යාල කලාකාමී හිත් වලට ඉඩක් දෙනවා නම් ඒ සන්නස තමයි. ඉතින් ආඩම්බරයි ඔයාලා ගැන මේ වගේ අවස්ථාවක් අපි වගේ අයට දෙනවට. බොහෝම ස්තූතියි.

ඔබටත් බොහෝම ස්තූතියි අපි හා සම්බන්ධ වුණාට. ආයුබෝවන් ශශිල.

චලනි යාපාබණ්ඩාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000