/
/
title icon ONLINE | පත්තරේ.
ONLINE | පත්තරේ.
Editor
1 year ago
Share:
ONLINE | පත්තරේ.

දිවයින(2022/12/28)

ඇමති කංචන විජේසේකර මේ පිළිබඳව අදහස් දක්වන්නේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීය.2023 වසරේ විදුලිය උත්පාදනය හා බෙදාහැරීම ඇතුළු සමස්ත පිරිවැයේ හිගය පියවා ගැනීම සදහා විදුලි බිල ඉහළ දැමීමට සිදුව ඇතැයි පැවසීය.

මාස 5 ක පමණ කාලයක් ඇතුළත මෙරට විදුලි ගාස්තුව 14 % කින් පමණ වැඩිවනු ඇති බව ලං.වි.ම සාමාන්‍යාධිකාරිවරයා කරන ලද ප්‍රකාශයක් අද දිවයින උපුටා දක්වයි.

සුජීව සත්සරගේ වාර්තාවක් ලෙස මෙය දක්වන්නේ ” ඇල්ලේ හිමියන්ගෙන් සැර කතාවක් ” ලෙසිනි.

දිවයින පුවත්පතේ මුල් පිටුවේ හේමන්ත රන්දුණුගේ වාර්තාව මෙලෙස දක්වයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට ඊයේ දිනයේ දනීෂ් අලී සහ අනුරුද්ධ බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලදී.

දේශපාලකයින්ගේ බලපෑම මත සුදුසුකම් නැති ඇතැම් නිලධාරීන් පොලිස් ස්ථානාධිපති ධූරයට පතිකිරීම හේතු කරගෙන පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි අවුල් සහගත තත්වයක් උදා වී තිබේ.

බන්ධනාගාරයෙන් මුදා හල තිළිණි ප්‍රියමාලි ඇයගේ හිතවතුන් විසින් මල් කළඹක්ද දී පිළිගනි.

මව්බිම(2022/12/28)

වැඩි කරන විදුලි බිල ගෙවිය නොහැකි ජනතාවගේ නිවෙස් වල විදුලිය විසන්ධි නොකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය ගත් තීන්දුව පිළිබඳ මව්බිමට අදහස් දක්වන්නේ ලංවිම වෘත්තිය ඒකාබද්ධ සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් ය.

තම පියා විසින් ගැබ් ගැනීම වැළක්වීමට මවට හොරෙන් තම දියණියට උපත් පාලන පෙති ලබා දෙමින් ලිංගික අතවර සිදු කළ බවට සිදුවීමක් මව්බිම පුවත්පත වාර්තා කරයි.

මෙය ක්‍රියාත්ම වන්නේ ජනාධිපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අය වැයේ යෝජනාවක් ලෙසිනි.

සුළු වැරදි සම්බන්ධ සැකකරුවන් බන්ධනාගාර ගත කිරීම වෙනුවට මව්පියන් හෝ වෙනත් භාරකරුවන් යටතේ මාස කිහිපයක් නිවාස අඩස්සියේ තැබීමට අදාළ නීති ගෙන ඒමට අධිකරණ අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ජල ගැල්මට පසුව අඹතැන්නේ සිට අකුරණ 07 කණුව දක්වා නිවාස හා ව්‍යාපාරික ස්ථාන 340 කට අලාභහානි සිදුව තිබෙන බව අකුරණ ප්‍රාදේශීය ලේකම් ඉන්දිකා අබේසිංහ පවසයි.

අද වැඩිදුර පුවත් දිවයින මව්බිම වෙබ් අඩවි හරහා ඔබට හැකි වේ.

දිල්කි රත්නායක.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required