English English සිංහල සිංහල தமிழ் தமிழ்

අමාත්‍යාංශ අටකට අලුත් ලේකම්වරුන්.

Facebook
Twitter
LinkedIn

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස නීල් බණ්ඩාර හපුහින්න පත් කර තිබෙනවා.

ඔහු මීට පෙර කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එසේම, මීට පෙර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ එම්.එම්.පී.කේ මායාදුන්න පත් කර ඇත්තේ ප‍්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසයි. මෙම පත්කිරීම් ජනවාරි පළවනදා සිට කි‍්‍රයාත්මක වන පරිදි සිදුකර තිබෙනවා.

එසේම, යාපනය දිස්ත‍්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ කේ. මහේෂන්, ක‍්‍රිඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙසත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ එම්. යමුනා පෙරේරා, කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස පත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ එම්.එම්.නයිමුදීන් පත් කර ඇත්තේ ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළ වියානි ගුණතිලක මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා.

එසේම, වෙළඳ, වානිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඒ.එම්.පී.එම්.බී. අතපත්තු පත් කර ඇති අතර ඔහු මීට පෙර ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ලෙස කටයුතු කළා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසයි පත් කර ඇත්තේ.

මේ අතර, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ, වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් යූ.ඞී.සී.ජයලාල්, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා යළිත් එම අමාත්‍යාංශවලම ලේකම් ධුරයට වසරක කාලයක් ස`දහා පත් කිරීමටයි ජනාධිපතිවරයා කටයුතු කර ඇත්තේ.

මේ අතර, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසින් නව පළාත් ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ කොළඹ දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රදීප් යසරත්න බස්නාහිර පළාත් ලේකම් වරයා ලෙසත් සබරගමුව පළාතේ අධ්‍යාපන ලේකම් මහින්ද සනත් විරසූරිය එම පළාතේ ප‍්‍රධාන ලේකම්වරයා ලෙස පත්කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000