English English සිංහල සිංහල தமிழ் தமிழ்

ජාතික කෘෂිකාර්මික ප‍්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත සකස් කර අවසන්.

Facebook
Twitter
LinkedIn

වසර ගණනාවක් තිස්සේ මෙරට කෘෂිකාර්මික ක්ෂේත‍්‍රවේ අඩුපාඩුවක්ව පැවැති ජාතික කෘෂිකාර්මික ප‍්‍රතිපත්තියේ අවසන් කෙටුම්පත මේ වනවිට සකස් කර අවසන්ව බව ඒ සඳහා පත් කළ විද්වත් කමිටුව, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට දැනුම් දී තිබෙනවා. ඒ, දෙපාර්ශවය අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ පැවති සාකච්ඡාවකදීයි.

සෑම අංශයක්ම නියෝජනය වන පරිදි විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් මේ සඳහා පත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබුණා. ඒ අනුව එම කමිටුවට හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරු, අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම විශ්ව විද්‍යාල මහාචාර්යවරු හා ගොවිජන නියෝජිතයින්ද ඇතුළත්.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය උදිත් ජයසිංහ, මහාචාර්ය පාලිත වීරක්කොඩි, මහාචාර්ය එම්.බී. රත්නතිලක, ආචාර්ය බී.වී.ආර් පුන්‍යවර්ධන, ආචාර්ය ඞී. එස්. කුරුප්පුආරච්චි මෙන්ම හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරු වන ආචාර්ය අජන්ත ද සිල්වා සහ ආචාර්ය ඩබ්.එම්.එම්.වීරකෝන් කමිටුව නියෝජනය කරනු ලැබුවා.

විශේෂයෙන් ආණ්ඩුවෙන් ආණ්ඩුවට, අමාත්‍යවරයාගෙන් අමාත්‍යවරයාට වෙනස් නොවන ස්ථිර කෘෂිකාර්මික ප‍්‍රතිපත්තියක් සැකසීම සඳහා සෑම අංශයකම අදහස් හා යෝජනා ලබා ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මෙම කමිටුවට උපදෙස් ලබාදී තිබුණා. ඒ අනුව සෑම අංශයක්ම නියෝජනය වන පරිදි කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ සංවර්ධනය සඳහා අදහස් හා යෝජනා ලබා ගත් බවයි විද්වත් කමිටුව ප‍්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, මෙම අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවත්, ඉන් අනතුරුව නව කෘෂිකාර්මික පනත ක‍්‍රියාත්මක කිරීම සඳහා සියලූ‍ දෙනා විසින් කටයුතු කළ යුතු බවත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර, ලක් පොහොර සමාගමට එළවළු සහ අලවර්ග සඳහා අවශ්‍ය පොහොර සකස් කිරීමටත්, තේ සඳහා අවශ්‍ය පොහොර සකස් කිරීමට කොමර්ෂල් පොහොර සමාගමටත් ලබාදීමේ වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඒ අනුව ඊට අදාළ අනුමැතිය අමාත්‍යංශ ලේකම්වරයා විසින් ඉදිරියේදී ලබාදෙනු ඇති බවයි ඊයේ පෙරවරුවේ කොමර්ෂල් සහ ලක්පොහොර සමාගම්වල වත්තල පිහිටි ගබඩා නිරීක්ෂණයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000