English English සිංහල සිංහල தமிழ் தமிழ்

වසර 04 ක් සැඟවූ දැරියකගේ මරණයේ අභිරහස හෙලිවේ.

Facebook
Twitter
LinkedIn

අනතුරක් සිදුකර වයස අවුරුදු දෙකක පමණ දැරියක මියගිය පසු එය වසං කර සැඟව සිටි පියෙකු සහ දියණියක වසර 04 කට පසු අත්අඩංගුවට ගත් පුවතක් බදුල්ලෙන් වාර්තා වනවා. බදුල්ල – මුතුමාල ගම්මානයේ පදිංචි අදාළ කුඩා දැරිය අනතුරට ලක්ව මියගොස් තිබුණේ 2018 වසරේ මැයි 11 වනදායී.

තේ දළු නෙලීමට සැකකරුවන්ගේ නිවසට තම මව සමඟ පැමිණ සිටි මෙම දරුවා අත්අඩංගුවට ගත් කාන්තාව විසින් පැදවූ තී‍්‍රරෝද රථයකට යට වී මියගොස් තිබුණා. පසුව ඇය සහ ඇයගේ පියා එක්ව දැරියගේ සිරුර මාර්ගයට ගෙනවිත් දමා ඇත්තේ දළු ප‍්‍රවාහනය කළ වෙනත් වාහනයකට යට වී දැරිය මියගිය බව පවසමින්.

අදාළ ලොරි රථයේ රියදුරු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව ඇප ලබාදී තිබුණේ ලොරියක ගැටී දැරිය මියගොස් නොමැති බවට ලද අධිකරණ වෛද්‍ය වාර්තා සමඟයි. රස පරීක්ෂක වාර්තාව අනුව දක්වා ඇත්තේ අනතුර උස් වාහනයක ගැටී සිදුවී නොමැති බවයි.

ඒ අනුව අනතුර වසං කළ මෙම සිද්ධියට අදාළ විමර්ශන පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට පැවරෙන අතර, ඒ අනුව සිදුකළ පරීක්ෂණ අනුවයි සැකකාර පියා සහ දියණිය පිළිබඳ කරුණු අනාවරණ වන්නේ.

ඒ අනුව දැනට අවුරුදු 78 ක් වන සැකකරු සහ 43 හැවිරිදි ඔහුගේ දියණිය බදුල්ල – මුතුමාල ගම්මානයේදීම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000