/
/
title icon බිත්තර බෙදීමට චූන් පාන් වාහන සැරසේ.
බිත්තර බෙදීමට චූන් පාන් වාහන සැරසේ.
Editor
1 year ago
Share:
බිත්තර බෙදීමට චූන් පාන් වාහන සැරසේ.

බේකරි නිෂ්පාදන බෙදාහැරීම සඳහා යොදා ගන්නා චූන් පාන් තී‍්‍රරෝද රථ මගින් බිත්තර අලෙවි කිරීමට සූදානම් බව සමස්ත ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගමය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති අසේල සම්පත්, සතොස ආයතනයෙන් බිත්තර අලෙවි නොකරන්නේ කුමන හේතුවක් නිසා දැයි විමසා සිටියා.

මේ අතර, හෙට දිනයේදී ලොරි රථ යොදා ගනිමින් කොළඹ නගරයට අමතරව මහනුවර නගරයේද රුපියල් 55 ක මිලකට බිත්තර අලෙවි කිරීමට කටයුතු කරන බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් කියා සිටියේ.

කෙසේ වෙතත්, ජනතාව චෝදනා කළේ බිත්තර රුපියල් 55 කට මිලට ගැනීමට වෙළඳපොල තුළ නොමැති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required