English English සිංහල සිංහල தமிழ் தமிழ்

ෂාෆ්ටර්ගේ මරණය ගැන ප්‍රකාශ 100 ක්.

Facebook
Twitter
LinkedIn

ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදුවී අදට දින 14 ක් ගතවනවා. එහෙත් තවමත් ෂාෆ්ටර්ගේ මරණය පිටුපස තිබෙන අභිරහස අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකිවී නැහැ.

ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට 100 කට ආසන්න පිරිසකගෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇති අතර ප‍්‍රකාශ ලබාගත් අය අතර ෂාෆ්ටර්ගේ බිරිඳ, පවුලේ සාමාජිකයන්, සමීපතමයන් සහ සමාගමේ සේවකයන්ද වන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මීට අමතරව ෂාෆ්ටර්, සිය මෝටර් රථය තුළ දෑත් බැඳ, ගෙලද පටියකින් ගැට ගසා සිටියදී සොයාගන්නා අවස්ථාවේ එම ස්ථානයට පැමිණි ෂාෆ්ටර්ගේ සමීපතම විධායක නිලධාරියා සහ ෂාෆ්ටර් රෝහල්ගත කිරීමට සහය ලබාදුන් නිලාම් නම් සුසාන භූමි සේවකයා මෙන්ම තවත් කම්කරුවෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප‍්‍රකාශ ලබාගෙන තිබුණා.

දිනේෂ් ෂාෆ්ටර් මෝටර් රථය තුළ සිටියදී සොයාගන්නා අවස්ථාවට ආසන්න කාලසීමාවේ එම ස්ථානයෙන් ගමන්ගත් බව කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන් සුසාන භූමි සේවකයෙක් ලබාදුන් ප‍්‍රකාශය ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෝටර් රථය අසළ රැඳී සිටි අදාළ පුද්ගලයා, සිහින් උස පුද්ගලයෙකු බවත් ඔහු මෝටර් රථය අසළ සිට සුසාන භූමියේ, පසුපස ආදාහනාගාරය දෙසට ගිය බවත් සුසාන භූමි සේවකයා ප‍්‍රකාශ කර ඇති බව සඳහන්.

ඒ ඔස්සේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරන අතර සුසාන භූමි සේවකයා සඳහන් කර ඇත්තේ එම තැනැත්තා යළි දුටුවහොත් හදුනාගත හැකි බවයි. දිනේෂ් ෂාෆ්ටර් මෝටර් රථය තුළ සුසාන භූමියේ සිටිනු දැක ඇත්තේ එම ස්ථානයට පළමුව ළඟාවූ ඔහුගේ සමීපතම විධායක නිලධාරියා වන ක‍්‍රිෂ් පෙරේරා සහ සුසාන භූමි සේවකයන් දෙදෙනෙකු පමණයි.

ඔවුන්ගෙන් බොරැල්ල පොලිසිය මඟින් මූලික ප‍්‍රකාශ සටහන්කර ගැනීමක් සිද්ධිය වූ දිනම සිදුකළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර ප‍්‍රකාශ සටහන් කර ගැනීමද පසුගිය දින කිහිපයේදී සිදුකර තිබුණා.

මේ අතර පසුගිය දිනක පොලිස්පතිවරයා විසින් ෂාෆ්ටර්ගේ මරණය පිලිබඳ විමර්ශන සිදුකරන සියලූ අංශ කැඳවා විමර්ශනවල ප‍්‍රගතිය විමසා ඇති බවයි වාර්තා වුණේ. එහිදී මෙම මරණය පිළිබඳ විමර්ශන කඩිනම් කරන ලෙස ඔවුන්ට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවද සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000