English English සිංහල සිංහල தமிழ் தமிழ்

කොරෝනා සමයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය ගෙවූ දීමනා ගැන හෙලිදරව්වක්.

Facebook
Twitter
LinkedIn

අනුමැතියකින් තොරව සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉහළ කළමනාකරණ නිලධාරීන් 27 දෙනෙකු සඳහා එක් නිලධාරියෙකුට රුපියල් 50,000 බැගින් රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂ 50,000 ක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.

මහා භාණ්ඩාගාරයට අයත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව දීමනා ලබා නොදිය යුතු වූවත්, 2018 වසරේ මැයි මාසයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි මෙලෙස එම දීමනා ලබාදී ඇති බවයි එමඟින් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ 2020 වාර්ෂික වාර්තාවේ මේ බව දක්වා තිබෙනවා. ඒ අනුව 2020 වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා අධිකාරිය විසින් මුළු දීමනා වෙනුවෙනුයි මෙම මුදල ගෙවා ඇත්තේ.

කොරෝනා වසංගතය පැවති සමයේ අධිකාරියේ සෑම අංශයකම කාර්ය සාධනය පහත වැටී සහ වසංගතය හේතුවෙන් රට කලින් කලට වසා දැමීම හේතුවෙන් සේවකයින්ට නිවසේ සිට සේවය කිරීමට අවස්ථාව ලබාදී තිබූ බවද විගණන වාර්තාවේ සඳහන්.

එසේ පැවතියත් අධිකාරිය විසින් එම තත්ත්වයන් සැලකිල්ලට නොගෙන සමාලෝචිත වර්ෂය සඳහා කාර්ය මණ්ඩලයට සාමාන්‍ය නිවාඩු මුදල් ලෙස, රුපියල් එක්කෝටි හාරලක්ෂ 28,105 ක් ගෙවා ඇති බවයි එමඟින් පෙන්වා දෙන්නේ.

එය පෙර වර්ෂයට සාපේක්ෂව 37% ක වර්ධකයක් බවද විගණන වාර්තාවේ සඳහන්. එම තීරණය විවාදාත්මක බවත්, එය සාධාරණීකරණය කළ නොහැකි බවත්, විගණන වාර්තාවේ නිරීක්ෂණවල ඇතුළත්.

කොරෝනා වසංගත සමයේදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ අයහපත් මූල්‍ය තත්ත්වය නොසලකා අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකට අනුව 2016 වසරේ සිට 2020 දක්වා හිඟ ප‍්‍රවාහන දීමනා ලෙස රුපියල් අනූදෙලක්ෂ 86,520 ක මුදලක් ගෙවා ඇති බවද එහි දැක්වෙනවා.

එසේම, 2020 වසරේ දෙසැම්බර් 31  දක්වා මිලදී ගැනීම් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියට ලැබිය යුතු වැට් බදු රුපියල් කෝටි 24 කට වැඩි මුදලක් අයකර ගෙන නොමැති බවද එම වාර්තාවෙන් ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000