/
/
title icon දෙසැම්බරයේත් උද්ධමනය පල්ලම් බසී.
දෙසැම්බරයේත් උද්ධමනය පල්ලම් බසී.
Editor
1 year ago
Share:
දෙසැම්බරයේත් උද්ධමනය පල්ලම් බසී.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 57.2 දක්වා පහත බැස ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

නොවැම්බර් මාසයේදී එය පැවතියේ සියයට 61 ක මට්ටමේයි.

එමෙන්ම, ආහාර කාණ්ඩයේ දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 64.4 දක්වා පහත බැස ඇති අතර, එය පසුගිය මාසයේ පැවතියේ සියයට 73.7 ක් ලෙසයි.

එමෙන්ම, මධ්‍යසාර සහ දුම්කොළ කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 7.6කින් පහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 1 යි දශම 1 කින් පහළ ගොස් ඇති බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන්.

ආපනශාලා සහ හෝටල් කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ද 13 යි දශම 8 කින් පහළ ගොස් තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required