
අවුරුදු උදාවත් සමඟ සිදුවූ හදිසි අනතුරුවලින් පුද්ගලයන් 67 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහි අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ සඳහන් කළේ මෙලෙස වාර්තා වූ අනතුරු අතර, මාර්ග අනතුරු 17 ක්, රතිඤ්ඤා අනතුරු හතරක්, ඇදවැටීම් හේතුවෙන් සිදුවූ අනතුරු 18 ක් සහ ආරවුල්වලට මැදිවීමෙන් තුවාල ලැබූවන් තුන්දෙනෙකු ද වන බවයි.
ඊයේ දිනයේ පමණක් කොළඹ ජාතික රෝහල වෙත මාර්ග අනතුරු හේතුවෙන් හතළිස් දෙදෙනෙකු, වැටීම් හේතුවෙන් 64 දෙනෙකු සහ පුද්ගල ගැටුම් හේතුවෙන් 37දෙනෙකු ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබුණා.
එමෙන්ම ගෙවී ගිය වසරේ නොවැම්බර් මස අවසන් වනවිට රිය අනතුරු හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 2,270ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ බද්දේගම අතර කොහොඹනාදෙණිය ප්‍රදේශයේදී කතරගම වන්දනාවේ ගොස් පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්වීමෙන් 16 දෙනෙකු තුවාල ලැබුවා.