
දින දර්ශන සහ දිනපොත් සීමිත ප්‍රමාණයක් පමණක් මුද්‍රණය කළ වසර ලෙස, උදා වූ 2023 වසර හදුන්වා දිය හැකි බව දින දර්ශන සහ දින පොත් මුද්‍රණකරුවන් පවසනවා.
රට තුළ පවතින කඩදාසි හිඟය මුද්‍රණය සඳහා භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය වල මිල ඉහළ යාම ආදී කරුණු හේතුවෙන් මෙලෙස දින දර්ශන සහ දින පොත් මුද්‍රණය අඩු වී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.
එමෙන්ම, දින දර්ශන සහ දින පොත් මුද්‍රණය කිරීමට ලබාදෙන ඇණවුම්ද විශාල වශයෙන් අඩු වී තිබෙනවා.
රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සිය ගණුදෙනුකරුවන්ට සෑම වසරකම දින දර්ශන නොමිලයේ ලබා දෙන අතර, මෙවර එලෙස බැංකු මඟින් මුද්‍රණ ඇණවුම්ද අඩු කර ඇති බවයි මුද්‍රණකරුවන් ප්‍රකාශ කළේ.
ඇතැම් පෞද්ගලික ආයතන දින දර්ශන මුද්‍රණය කරනවා වෙනුවට පාරිභෝගිකයන්ට සමාජ මාධ්‍ය හරහා ඒවා යොමු කිරීමටද පියවර ගෙන තිබෙනවා.