විදුලි ගාස්තු ඉහල දැමීමට කැබිනට් මණ්ඩලයෙන් එන කිසිදු යෝජනාවක් මහජන උපයෝගිතා කොමිසම සැළකිල්ලට නොගන්නා බව එහි සභාපති ජනක රත්නායක ප‍්‍රකාශ කළා.
කොළඹදී අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු චෝදනා කළේ පනත වැරදි ලෙස අර්ථකථනය කර විදුලි ගාස්තු ඉහළ දැමීම සාමාන්‍ය ප‍්‍රතිපත්ති සැලැස්මක් යටතට ගෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් වන බවටයි.
ගාස්තු ඉහළ දැමීමේ ක‍්‍රමවේදය විදුලිබල පනතේ වෙනම දක්වා ඇති බව සඳහන් කළ උපයෝගිත කොමිසමේ සභාපතිවරයා ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව විදුලිබල මණ්ඩලයෙන් ලැබුණහොත් පමණක් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවයි වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර යළිත් විදුලිබිල වැඩිකළහොත් වතු කම්කරුවන්ට එම බිල්පත් ගෙවීමට නොහැකි වීම නිසා වතු කම්කරුවන් වෙත ලබාදී ඇති විදුලි සම්බන්ධතාව විසන්ධි කරන ලෙස කදුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වී. රාධාක‍්‍රිෂ්ණන් පවසනවා. හැටන් ප‍්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.