/
/
title icon පුංචි ඡන්දය ගැන තීරණයකට මැතිවරණ කොමිසම හෙට රැස්වේ.
පුංචි ඡන්දය ගැන තීරණයකට මැතිවරණ කොමිසම හෙට රැස්වේ.
Editor
1 year ago
Share:
පුංචි ඡන්දය ගැන තීරණයකට මැතිවරණ කොමිසම හෙට රැස්වේ.

පළාත් පාලන මැතිවරණයක් මේ මොහොතේ රටට අවශ්‍ය නොවන බව මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසනවා. ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ කියා සිටියේ කිසිදු ප‍්‍රයෝජනයක් නොමැති පළාත් පාලන ආයතන වලට එරෙහිව නඩු පැවරිය යුතු බවයි.

මේ අතර මැතිවරණ කොමිසම පළාත් පාලන ඡන්දය සඳහා නාමයෝජනා භාරගැනීමේ දිනය අනිද්දා ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා. මැතිවරණ කොමිෂන් සභාව හෙට රැස්වීමට නියමිත අතර, එහිදී අදාළ දිනය තීරණය කර ඒ පිළිබඳව සියලූම තේරීම් භාර නිලධාරීන් වෙත දැනුම් දෙනු ඇති.

තේරීම් භාර නිලධාරීන් විසින් නාමයෝජනා භාරගැනීමේ දින සහ වේලාවන් මෙන්ම ඇප මුදල් තැන්පත් කිරීම් සම්බන්ධයෙන් ප‍්‍රකාශයට පත් කරනු ලබනවා. නාමයෝජනා භාරගැනීම දින තුනහමාරක් සිදු කෙරෙන අතර, ඒවා භාරගැනීමෙන් අනතුරුව දින 14 කින් ඡන්ද විමසීම පැවැත්විය යුතුයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required