English English සිංහල සිංහල தமிழ் தமிழ்

සේවක හිඟයෙන් දුම්රිය ගමන්වාර 18 ක් ඊයේ දිනයේත් අවලංගු වෙයි.

Facebook
Twitter
LinkedIn

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් විශ‍්‍රාම යාම නිසා ඇතිවු පුරප්පාඩු හේතුවෙන් ඊයේ දිනයේ ගමන්වාර 18 ක් අවලංගු වී තිබෙනවා. මුහුදුබඩ, කැළණිිවැලි, පුත්තලම, සහ ප‍්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර 12 ක් සහ ඉන්ධන හා භාණ්ඩ දුම්රිය ගමන් වාර 6 ක් ඒ අනුව අවලංගු වී ඇති බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය සදහන් කළේ.

2022 වසරේ දෙසැම්බර් 31 වන දිනට වයස අවුරුදු 60 සම්පුර්ණ වු රාජ්‍ය සේවකයින් විශ‍්‍රාම ගැන්විමේ රජයේ ප‍්‍රතිපත්තිය යටතේ කණිෂ්ඨ සේවකයින්ගේ සිට ඉහල ශ්‍රේණිවල සේවකයින් 500කට අධික පිරිසක් දුම්රිය දෙපාර්තමේන්තුවේ විශ‍්‍රාම ගොස් තිබෙනවා. දුම්රිය රියදුරු සහායක, නියාමක සහ ප‍්‍රධාන නියාමක ශ්‍රේණිවල උග‍්‍රසේවක හිගයක් මේ හේතුවෙන්  නිර්මාණය වි ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ නිසා දෛනික දුම්රිය ධාවන කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වු අතර ඒ හේතුවෙන් පසුගිය දින දෙක තුල පමණක් දුම්රිය ගමන් වාර 100කට වඩා අවලංගු කෙරුණා. ඊයේ පෙරවරුවේද දුම්රිය 11 ක් අවලංගු විම හේතුවෙන් මගීන් අපහසුතාවයන්ට පත්ව තිබුණා.

මේ අතර, පවතින ගැටලූවට විසදුම් ලබාදීම සදහා විශ‍්‍රාම ගිය දුම්රිය දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ සේවකයන් සේවා අවශ්‍යතා  මත කොන්ත‍්‍රාත් පදනම යටතේ තවදුරටත් සේවයේ යොදා ගැනීමට ජනාධිපති ලේකම්වරයා අනුමැතිය ලබාදී තිබුණා.

කෙසේ වෙතත්, අදාල බදවාගැනීම සදහා තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න කියා සිටියේ.

මේ අතර, නව දුම්රිය ස්ථානාධිපතිවරුන් 50 දෙනෙකු සදහා පත්වීම ලබාදීමට රජයේ අනුමැතිය හිමිවු බව දුම්රිය සාමන්‍යාධිකාරි ඩබ්ලිව්.ඒ.ඩි.එස්. ගුණසිංහ පවසනවා. 2018 වසරේ පැවති තරග විභාගයෙන් සමත් පිරිස් අතුරින් 44 දෙනෙකුට පමණක් අද පත්වීම් පිරිනමන බවයි ඔහු සදහන් කළේ.

කෙසේ වෙතත්, දුම්රිය ස්ථානාධිපති පත්වීම් ලබාදිම තුලින් පවතින සේවක හිඟයට විසදුම් නොවන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය ප‍්‍රකාශ කළේ. දුම්රිය රියදුරු සහායක,නියාමක සහ ප‍්‍රධාන නියාමක ශ්‍රේණි සේවක හිගයට විසදුමක් ලබා දිමෙන් පමණක් දුම්රිය දෙපාර්තමේන්තුවේ කටයුතු විධිමත්ව සිදුකරගෙන යා හැකි බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000