/
/
title icon ගසකින් වැටී ළමා නිවාසයක සිටි දරුවෙකු මරුට.
ගසකින් වැටී ළමා නිවාසයක සිටි දරුවෙකු මරුට.
Editor
1 year ago
Share:
ගසකින් වැටී ළමා නිවාසයක සිටි දරුවෙකු මරුට.

කඩවත – රන්මුතුගල මහා විහාරයට අනුබද්ධිත ශ‍්‍රී විමලවංශ ළමා නිවාසයේ සිටි වයස අවුරුදු 12ක දරුවෙකු එහි වත්තේ පිහිටි මාදං ගසකින් වැටී මිය ගොස් තිබෙනවා. පරිවාස භාරයේ සිටි මෙම දරුවා මීට වසර කිහිපයකට පෙර මෙම ළමා නිවාසය වෙත භාර දී ඇති බව සඳහන්.

දරුවා ළමා නිවාසයේ සිටින තවත් දරුවන් කිහිප දෙනෙකු සමඟ මාදං ගස පිහිටා තිබෙන ප‍්‍රදේශයේ සෙල්ලම් කරමින් සිට තිබෙනවා. අනෙක් දරුවන් බලා සිටියදී මොහු ඊට නැග ඇති අතර එකවරම අඩි 20ක් පමණ උසකින් මොහු බිමට ඇද වැටී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී දරුවා කඩිනමින් රෝහල වෙත රැගෙන යාමට පසුකම් තිබී නොමැති අතර පසුව ඔහු රෝහල්ගත කර ඇත්තේ, විහාරස්ථානය වෙත පැමිණි අසල්වැසියෙකුගේ මෝටර් රථයකින් බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් දරුවා රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බවයි රාගම රෝහලේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required