/
/
title icon මගුලකට යන්න ඉල්ලා ගත් රන්මාලය උකස් කර දරු ප‍්‍රසූතියට භාණ්ඩ ගත් මවකට ඇප.
මගුලකට යන්න ඉල්ලා ගත් රන්මාලය උකස් කර දරු ප‍්‍රසූතියට භාණ්ඩ ගත් මවකට ඇප.
Editor
1 year ago
Share:
මගුලකට යන්න ඉල්ලා ගත් රන්මාලය උකස් කර දරු ප‍්‍රසූතියට භාණ්ඩ ගත් මවකට ඇප.

මංගල උත්සවයකට යාම සඳහා අසල්වැසි කාන්තාවකගෙන් ලබාගත් රන් මාලයක් උකස් කොට සිය දරු ප‍්‍රසූතිය සඳහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගත් ගැබිණි කාන්තාවක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදා හැරීමේ පුවතක් වාර්තා වනවා.

වෙරළබඩ පොලිසියට ලද පැමිණිල්ලකට අනුව මෙම ගැබිණි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඇය කොළඹ කාසල් වීදිය කාන්තා රෝහල වෙත ඇතුළත් කර ඇත්තේ, විලිරුදාව ඇතිවීම හේතුවෙන්. ඇය රෝහල් ගත කර පැය කිහිපයකින් දරුවෙකු ප‍්‍රසූත කර තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමකට අනුව කොළඹ වැඩබලන මහේස්ත‍්‍රාත් සම්පත් ජයවර්ධන රෝහල වෙත ගොස් කරුණු සලකා බලා ඇයව රුපියල් 10,000ක ශරීර ඇපයක් මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required