/
/
title icon මගනැගුම සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.
මගනැගුම සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.
Editor
1 year ago
Share:
මගනැගුම සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

පෑලියගොඩ  පිහිටි මගනැගුම සමාගමේ සභාපතිවරයාට සහ විධායක අධ්‍යක්ෂවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ප‍්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප‍්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ප‍්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය යටතේ පවතින පෑලියගොඩ මගනැගුම  මාර්ග ඉදිකිරීමේ යන්ත්‍රෝපකරණ සමාගමේ නව වසරේ  රාජකාරි ආරම්භ කිරීම සඳහා පැවති උත්සවයේදී එහි සභාපතිවරයාට සහ විධායක අධ්‍යක්ෂවරයාට සේවකයින් විරෝධය පළ කර කිරිබත් ප‍්‍රහාරයක්ද එල්ල කර තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් පෙරේදා සහ ඊයේ හතරදෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් මේ වනවිට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required