/
/
title icon සිසුන් ඇතුළත් කිරීමට නව ක‍්‍රම එපා – ගුරු සංගම් කියයි.
සිසුන් ඇතුළත් කිරීමට නව ක‍්‍රම එපා – ගුරු සංගම් කියයි.
Editor
1 year ago
Share:
සිසුන් ඇතුළත් කිරීමට නව ක‍්‍රම එපා – ගුරු සංගම් කියයි.

රජයේ පාසල්වල 06 වන ශ්‍රේණිය හැර 02 වන ශ්‍රේණිය සිට 11 වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේදී නව ක‍්‍රමවේදයක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල ගත් තීරණය වහා අහෝසි කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ එය ක‍්‍රියාත්මක කළහොත් ඊට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.

පළමු ශ්‍රේණියේ සිට 05 වන ශ්‍රේණිය දක්වා එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 40 ක් වන අතර 06 වන ශ්‍රේණිය සිට 11 වන ශ්‍රේණිය දක්වා එක් පන්තියක උපරිම සිසුන් සංඛ්‍යාව 45 ක් ලෙස නොවෙනස්ව පවත්වා ගනිමින් මෙම නව ක‍්‍රමවේදයක් සකස් කිරීමටයි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required