English English සිංහල සිංහල தமிழ் தமிழ்

මත්පැන් සහ දුම්වැටි බදු සියයට විස්සකින් ඉහළ දැමේ.  

Facebook
Twitter
LinkedIn

ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි මධ්‍යසාර ලීටරයක මිල සියයට විස්සකින් ඉහළ දමා තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ ඊයේ නිකුත් කළා.

ඒ අනුව මිලිලීටර 750 විශේෂ අරක්කු බෝතලයක බද්ද රුපියල් 1,050 සිට 1,256 දක්වා ඉහළ දමා ඇත්තේ රුපියල් 206 කින්. මිලිලීටර 750 පොල්, තල් හා පදම් කළ අරක්කු බෝතලයක් සඳහා වන බද්ද රුපියල් 1,121 සිට 1,344 දක්වා රුපියල් 224 කින් ඉහළ නංවා ඇති අතර, මිලිලීටර 750 දේශීයව නිෂ්පාදනය කරන විදේශීය අරක්කු බෝතලයක බද්ද රුපියල් 1,309 සිට 1,576 දක්වා ඉහළ නංවා ඇත්තේ රුපියල් 266 කින්.

මීට අමතරව මත්පැන් සැර සියයට පහට අඩු බියර් බෝතලයක බද්ද රුපියල් 21 කින්ද, මත්පැන් සැර සියයට පහට වැඩි බියර් බෝතලයක බද්ද රුපියල් 39 කින්ද ඉහළ නංවා තිබෙනවා. එසේම මිලිලීටර 625 වයින් බෝතලයක බද්ද ද ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට රුපියල් 50 කින් ඉහළ යනු ඇති.

එමෙන්ම දුම්වැටි සඳහා වන බද්ද සියයට විස්සකින් ඉහළ නංවා ඇති අතර, රුපියල් 90ක්ව සහ රුපියල් 85 ක්ව පැවති දුම්වැටියක මිල රුපියල් 15 කින් ඉහළ නැංවීමටයි නව බදු මගින් පියවර ගෙන ඇත්තේ. ඒ අනුව එම දුම්වැටිවල අපේක්ෂිත නව මිල වන්නේ රුපියල් 105 ක් සහ රුපියල් 100 ක්.

එමෙන්ම රුපියල් 70 ක්ව සහ රුපියල් 60 ක්ව පැවති දුම්වැටියක මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එම දුම්වැටිවල අපේක්ෂිත නව මිල රුපියල් 80 ක් සහ රුපියල් 70 ක් වනු ඇති. රුපියල් 15ක්ව පැවති දුම්වැටියක් රුපියල් 9 කින් ඉහළ දමා ඇති අතර, එහි අපේක්ෂිත මිල රුපියල් 24 ක්.

එසේම බීඩියක මිලද රුපියල් දෙකකින් ඉහළ යන්නේ ඒ සඳහා රුපියල් දෙකක බද්දක් පැනවීමත් සමඟයි.

මෙම බදු මගින් රුපියල් බිලියන 22 ක පමණ අමතර ආදායමක් ආණ්ඩුව අපේක්ෂා කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප‍්‍රකාශ කළේ.

මේ අතර ඔක්ටේන් 92 සහ 95 පෙට‍්‍රල් ලීටරයක තීරු බදු රුපියල් විසි හතේ සිට රුපියල් 52 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා. සුපර් ඩීසල් ලීටරයක් සදහා රුපියල් 13 ක්ව පැවති එම බද්ද රුපියල් 38 දක්වායි ඉහළ දමා ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000