/
/
title icon තෙල් සංස්ථාවේ සේවකයන්ට දුන් බෝනස් ගැන වෘත්තීය සමිතිවලින් පැහැදිලි කිරීමක්.
තෙල් සංස්ථාවේ සේවකයන්ට දුන් බෝනස් ගැන වෘත්තීය සමිතිවලින් පැහැදිලි කිරීමක්.
Editor
1 year ago
Share:
තෙල් සංස්ථාවේ සේවකයන්ට දුන් බෝනස් ගැන වෘත්තීය සමිතිවලින් පැහැදිලි කිරීමක්.

ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන්ට ප‍්‍රසාද දීමනා ලබා දුන්නේ මහා භාණ්ඩාගාරයේ අනුමැතිය යටතේ බව පොදුජන ප‍්‍රගතිශීලි ඛනිජ තෙල් සේවක සංගමය පවසනවා.

එහි සභාපති බන්දුල සමන් කුමාර කොළඹ ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ 2007 වර්ෂයේ පාඩු ලැබූ ඛනිජ තෙල් සංස්ථාව මේ වනවිට ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති බවයි.

පාඩු ලබන ආයතන වන ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම හා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන්ට ප‍්‍රසාද දීමනා ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ එම ආයතනවල සභාපතිවරුන්ගෙන් වාර්තාවක් කැඳවා තිබුණා. ඒ අනුවයි, වෘත්තීය සමිති ඊයේ මාධ්‍ය හමුවක් කැඳවා කරුණු පැහැදිලි කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required