/
/
title icon සර්ව පාක්‍ෂික පාලනයක් ඕනෑ – මොහොමඩ් මුසම්මිල්
සර්ව පාක්‍ෂික පාලනයක් ඕනෑ – මොහොමඩ් මුසම්මිල්
Editor
1 year ago
Share:
සර්ව පාක්‍ෂික පාලනයක් ඕනෑ – මොහොමඩ් මුසම්මිල්

මහජනයාගේ විශ්වාසය ගොඩනැගීමට සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍ය බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ඊයේ (03 දා) පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවේ තවදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කීය.

අපි තමයි සර්ව පාක්‍ෂික පාලනයක් පිහිටුවිය යුතුයි කියලා මුලින්ම ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාට යෝජනා කළේ. නමුත් එතුමා ඒ යෝජනාව බැහැර කරපු හින්දා අද එතුමාට අත්වෙලා තියෙන ඉරණම පේනවනේ. ඒ නිසා මේක දේශපාලන පක්‍ෂ භේදයකින් තොරව හැමෝම දුක් විඳින වෙලාවක්. දේශපාලනඥයන් කාගේත් වගකීමක් තියෙනවා මේ ප්‍රශ්නයට උත්තර හොයලා දෙන්න. මහජනයාගේ විශ්වාසය ගොඩනගන්න සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍යයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required