English English සිංහල සිංහල தமிழ் தமிழ்

වසර ගණනක් පුරා බාලගිරි දෝෂයට හසු වී තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය

Facebook
Twitter
LinkedIn

වසර ගණනක් පුරා බාලගිරි දෝෂයට හසු වී තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වේ. තරගාවලිය පැවැත්වෙන බව පමණක් නොව පැවැත්වෙන ස්ථානයද දැන් ස්ථීරය. එය පැවැත්වෙන බව ස්ථීර ව තිබුණ ද ඒ කොහෙද යන්න එහෙට මෙහෙට ඇදෙමින් තිබුණි. නියම ලෙස නම් එය පවත්වන්නට තිබුණේ ශ්‍රී ලංකාවේය. එහෙත් ඉතිහාසයේ කිසිදා නොවූ විරූ තත්ත්වයකට රට ඇදවැටීමේ ප්‍රතිඵලය මත අපට අහිමි වූ බොහෝ දේ අතරට ආසියානු කුසලාන තරගාවලියද එක් විය.

එය කලින් සැලසුම් කළ පරිදි මෙරට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු සියලු උත්සාහ දැරූහ. නොයෙක් සාකච්ඡා වට පැවැත්වූහ. ඒ සියල්ල ජය ගත් ඔවුන්ට අවසානයේ එක් දෙයක් පරහට සිටියේය. තරගාවලිය ශ්‍රී ලංකාව තුළ පවත්වන්නේ නම් එම විකාශන සමාගමේ සේවකයන් සහ එම උපකරණ සඳහා රක්ෂණාවරණය ලබාදීමට අදාළ රක්ෂණ ආයතන අකමැති වීමය. ප්‍රශ්නය එතරම් ඔඩුදුව ගිය විට කරන්නට දෙයක් නැත. අවසානයේ අපට ටටා බායි කියමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පියඹා ගියේය. එසේ පියඹා ගියද සත්කාරකත්වයේ නිල අයිතිය ශ්‍රී ලංකාවටම හිමි විය. එය අපෙන් උදුරා ගැනීමට බංග්ලාදේශය උත්සාහ දැරුව ද ශ්‍රී ලංකාව එහිදී වාසනාවන්ත විණි. එම වාසනාවන්ත බවේ වටිනාකම ඩොලර් මිලියන හතරකටත් එහා ගිය අගයක් ගනී. තරගාවලියට අදාළ සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේ නම් ශ්‍රී ලංකාවට හිමි වන්නේ ඩොලර් මිලියන දෙකහමාරක් පමණ වැනි මුදලකි.

සැලසුම් කළ පරිදි ලංකාව තුළ එම තරගාවලිය පැවැත්වූවේ නම් ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට තරග පැවැත්වීමේ ගාස්තුව ලෙස ඩොලර් මිලියන දෙක හමාරක මුදලක් ලබා දීමට නියමිතව තිබිණි. ඊට අමතරව තරගාවලියේ ලාභය ලෙස ශ්‍රී ලංකාව ඩොලර් මිලියන දෙකක් තුනක් අතර මුදලක් අපේක්ෂා කරගෙන සිටියේය.

එහෙත් දැන් එය වෙනස් වී ඇත. ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීම හේතුවෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන් ඩොලර් මිලියන දෙකහමාරක් ලැබීමට නියමිතය. ඊට අමතරව ප්‍රවේශ පත්‍ර විකුණා ලැබෙන ආදායමෙන් ද ඩොලර් මිලියන එකහමාරක පමණ මුදලක් ද ශ්‍රී ලංකාවට ලබා ලබාදීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පොරොන්දු වී ඇත. ඊටත් අමතරව තරගාවලියේ ආදායමෙන් කොටසක් ලෙස තවත් ඩොලර් මිලියන දෙකහමාරක් තුනක් අතර මුදලක් ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතය. එසේ බලන කල මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත සම්පූර්ණ මුදල ඩොලර් මිලියන 6.5ක් පමණ වේ. දැන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා ක්‍රීඩාංගණවලදී තරගාවලිය පැවැත්වේ.

එහෙත් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් රට හොඳ තත්ත්වයක පවතින බවට ලෝකයට යහපත් පණ්වුඩයක් ලබා දිය හැකි තවත් හොඳ අවස්ථාවක් තිබුණි. එය එල්පීඑල් තරගාවලියයි. එම තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ය. එහෙත් එම තරගාවලියේ කණ්ඩායම්වල අනුග්‍රාහකයන් රටේ වත්මන් තත්ත්වය මත එල්පීඑල් තරගාවලිය කල් දැමීමට අවසර පැතීය. ඒ අනුව එල්පීඑල් පස්සට ගොස් ආසියානු කුසලාන තරගාවලිය ඉස්සර විය. එය ශ්‍රී ලංකාව තුළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට හරහට සිටි තවත් බාධකයකි. එල්පීඑල් තරගාවලිය පවත්වා සාර්ථකව නිම කළේ නම් ශ්‍රී ලංකාවේ තත්ත්වය දැන් තවත් හොඳ බව ලෝකයට කියන්ට තිබුණි. මන්ද රට මීටත් වඩා අවුල් සහගත තත්ත්වයක තිබියදීත් ශ්‍රී ලංකාව ඔස්ටේ්‍රලියාව සහ පකිස්ථානයට එරෙහිව ඊට පෙර සාර්ථක ද්විපාර්ශ්වික තරඟාවලි දෙකක් සංවිධානය කර තිබුණු නිසාය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ කලාපයෙන් තවත් සුදුසුකම් ලබන රටක් ආසියානු කුසලාන තරගාවලියට එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවෙන් තරගාවලියේ සත්කාරකත්වය ගිලිහී ගියේ නම් අපට හිමි වීමට නියමිතව තිබුණේ තරගාවලියේ ලාභය බෙදීමෙන් ලැබෙන ඩොලර් මිලියන දෙකහමාරක් පමණ මුදලකි. එහෙත් සත්කාරකත්වයේ අයිතිය රැක ගැනීමේ වටිනාකම පමණක් ඩොලර් මිලියන 4කට ආසන්න වී තිබේ. එසේ බලන කල අප මෙහිදී විශාල ජයග්‍රහණයක් ලබා ගෙන ඇත. රටට ඩොලර් අවැසි මොහොතක ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වයේ ආශිර්වාදය ශ්‍රී ලංකාවට හිමි වී ඇත.

එහෙත් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සහ සාජා ක්‍රීඩාංගණවලට යෑමෙන් කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණය පාළුවට යනු ඇත. මෙරටට පැමිණීමට සිටි ක්‍රිකට් ලෝලීන්ගෙන් හෝටල් කාමර පිරීයාම නතර වනු ඇත. ශ්‍රී ලංකාව ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් සිටින බවට ලෝකයට පණිවිඩයක් දීමට තිබුණු කදිම අවස්ථාව ගිලිහී ගොස් ඇත. දැන් ඒ සියල්ල අපට අහිමිය. ගිය හකුරට අඬා පලක් නැතැයි කියමනක් වේ. තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා ක්‍රිකට් බලධාරීන් පමණක් නොව ජනාධිපතිවරයා ද, කීඩා ඇමැතිවරයාද මැදිහත්වී කටයුතු කළහ. එහෙත් අපට බලහත්කාරයෙන් කිසිවක් ලබා ගත නොහැක. අප සිටින්නේ ආසියාවේ මිස ආසියාව තිබෙන්නේ අපේ රට තුළ නොවේ. ආසියාවට අපට ඒ අතින් බලපෑම් කළ නොහැක. එහෙත් අපේ ක්‍රිකට් හපන්කම්වලින් ආසියාවට අපේ තරම පෙන්විය හැක. ඊට සුදුසු අවස්ථාව ලබන 27 වැනිදා සිට ආරම්භ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000