/
/
title icon කුඩු සල්ලි නොදුන්නැයි මීගමුවේ දරුවෙකු පැහැර ගැනේ.
කුඩු සල්ලි නොදුන්නැයි මීගමුවේ දරුවෙකු පැහැර ගැනේ.
Editor
1 year ago
Share:
කුඩු සල්ලි නොදුන්නැයි මීගමුවේ දරුවෙකු පැහැර ගැනේ.

මිලදී ගත් මත් කුඩු වලට මුදල් ලබා නොදීම නිසා දරුවෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් මීගමුව ප‍්‍රදේශයෙන් වාර්තා වෙනවා. මීගමුවේ ව්‍යාපාරිකයෙකුගේ පුත‍්‍රයෙකු මත්කුඩු ජාවාරමේ නිරතව සිටි ඇති අතර, ඔහු ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ කාන්තාවකගෙන් මත් කුඩු ලබාගෙන තිබෙනවා.

ඒ සඳහා ලැබිය යුතු මුදල් ප‍්‍රමාද වීම නිසා අදාළ කාන්තාව අදාළ ව්‍යාපාරිකයාගේ මුණුබුරෙකු වූ දස හැවිරිදි පිරිමි දරුවෙකු මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මෙම දරුවා ග‍්‍රෑන්ඞ්පාස් රන්දිය උයන ප‍්‍රදේශයේ නිවාස සංකීර්ණයක ර`දවා තිබෙනවා. අනතුරුව සැකකාර කාන්තාව, ව්‍යාපාරිකයා අමතා පුත‍්‍රයා ලබාගත් මත්කුඩු වලට මුදල් ඉල්ලා ඇති බවයි පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.

ඒ අනුව ලද බුද්ධි තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය නිවාස සංකීර්ණය වටලා දරුවා ඊයේ සිය බාරයට ගෙන තිබෙනවා. දරුවා පැහැර ගත් බව කියන මත් කුඩු ජාවාරමේ නිරත කාන්තාවද ග‍්‍රෑන්ඞ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required