English English සිංහල සිංහල தமிழ் தமிழ்

ආනයනය තහනම් කළ දුඹුරු සීනි ටොන් 1200 ක් වරායෙන් සහ කැළණියේ ගුදමකින්.

Facebook
Twitter
LinkedIn

සුදු සීනි බවට ප‍්‍රකාශ කරමින් නීති විරෝධීව මෙරටට ආනයනය කළ රුපියල් මිලියන 241 ක් වටිනා දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 1200 ක් රේගු දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා. කැළණිය – බියගම ප‍්‍රදේශයේ ගුදමක ගබඩාකර තිබියදී දුඹුරු සීනි මෙට්‍රික්ටොන් 600 ක් සොයාගැණුනු අතර වැඩිදුර විමර්ශන අනුව තවත් මෙට්‍රික් ටොන් 600 ක් කොළඹ වරායේ තිබී රේගුව විසින් සොයාගත් බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දුඹුරු සීනි මෙරටට ආනයනය කිරීම තහනම් කර ඇති පසුබිමක් තුළ අදාළ ආනයනකරු විසින් එය ආනයනය කර ඇත්තේ මෙම දුඹුරු සීනි තොගය අඩංගු බහාලූම් හි මතුපිට සුදුසීනි අතුරා, රේගු නිලධාරින්ද නොමඟ යවමින්.

මේ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ රේගු නිලධාරියෙකු පසුගිය දිනෙක දුඹුරු සීනි මිලදී ගැනීම සඳහා පිටකොටුව තොග වෙළඳසැල් වෙත ගිය අවස්ථාවකදී වන අතර පිටකොටුවේ කිසිදු ස්ථානයක දුඹුරු සීනි තොග වශයෙන් මිලදී ගැනීම සඳහා තිබී නොමැති බවයි වාර්තා වන්නේ.

කැළණිය ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් දුඹුරු සීනි මිලදී ගැනීමට හැකියාව පවතින බවට රේගු නිලධාරියෙකු බව නොදැන එහිදී යම් පුද්ගලයෙකු විසින් ඔහුට තොරතුරක් ලබා දී තිබෙනවා.

ඒ ඔස්සේ විමර්ශන ආරම්භ කළ ශ‍්‍රී ලංකා රේගුව අද දිනයේ අදාළ ගබඩාව වටලා මෙම දුඹුරු සීනි තොගය රේගු භාරයට ගනු ලැබුවා. එම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියද එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000