/
/
title icon පාස්කු ප‍්‍රහාරය ගැන පෙත්සම් විභාගයේ තීන්දුව අද.
පාස්කු ප‍්‍රහාරය ගැන පෙත්සම් විභාගයේ තීන්දුව අද.
Editor
1 year ago
Share:
පාස්කු ප‍්‍රහාරය ගැන පෙත්සම් විභාගයේ තීන්දුව අද.

පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු හෝටල්වලට ප‍්‍රහාර එල්ල කරන බවට ප‍්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට ක‍්‍රියාමාර්ග නොගත් බවට පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව අද ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, එවකට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව මෙම ප‍්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින්, කතෝලික පියතුමන්ලා සහ ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව 12 ක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප‍්‍රනාන්දු, එස්.ඉතුරෙයිරාජා, එච්.එම්.ඞී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මෙම පෙත්සම් අවසන් වරට විභාගයට ගත් පසුගිය 05 වනදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේ එහි තීන්දුව අද ප‍්‍රකාශ කරන බවයි.

2019 වසරේ අපේ‍්‍රල් මස 21 වන පාස්කු ඉරුදින කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු හෝටල් ඉලක්ක කර එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පුද්ගලයින් 269 දෙනෙකු මියගොස් තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබුවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required