/
/
title icon විදුලිය කප්පාදු කරන්න එපා – උසස් පෙළ සිසුන්ගෙන් ඉල්ලීමක්.
විදුලිය කප්පාදු කරන්න එපා – උසස් පෙළ සිසුන්ගෙන් ඉල්ලීමක්.
Editor
1 year ago
Share:
විදුලිය කප්පාදු කරන්න එපා – උසස් පෙළ සිසුන්ගෙන් ඉල්ලීමක්.

දෛනික විදුලි කප්පාදුව හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව ඇති බව මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ විභාගයට ඇත්තේ තවත් දින කිහිපයක් බැවින් මෙම කාලසීමාව, තමන් අධ්‍යයන කටයුතු සඳහා වැඩි අවධානයක් යොමුකරන කාලයක් බවයි.

2022 වසරට අදාළ උසස් පෙළ විභාගය මේ මස 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. විභාග මධ්‍යස්ථාන 2200 කදී දීපව්‍යාප්තව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

විභාගයට ඉතා ආසන්න බැවින් විදුලි කප්පාදුව සම්බන්ධයෙන් රාත‍්‍රි කාලයේ හෝ යම් සහනයක් ලබාදෙන ලෙස විභාග අපේක්ෂිත සිසු දරු දැරියන් සහ දෙමාපියන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required