/
/
title icon නොරොච්චෝලේ පළමු ජනන යන්ත‍්‍රය බ‍්‍රහස්පතින්දා ජාතික පද්ධතියට.
නොරොච්චෝලේ පළමු ජනන යන්ත‍්‍රය බ‍්‍රහස්පතින්දා ජාතික පද්ධතියට.
Editor
1 year ago
Share:
නොරොච්චෝලේ පළමු ජනන යන්ත‍්‍රය බ‍්‍රහස්පතින්දා ජාතික පද්ධතියට.

සුළු නඩත්තුවක් සඳහා අක්‍රීය කර ඇති නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ පළමු ජනන යන්ත‍්‍රය එළැඹෙන බ‍්‍රහස්පතින්දා වනවිට යළිත් ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල මණ්ඩලය පවසනවා. මේ හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වී ඇති ධාරිතාවය මෙගාවොට් 270 ක්.

මේ අතර, මේ වසරේ දිවයිනට පැමිණෙන 03 වන ගල් අඟුරු නෞකාව අද පුත්තලමට ළඟාවීමට නියමිතයි. මීට පෙර ගල් අඟුරු රැගත් නෞකා දෙකක් මෙම මාසයේ දිවයිනට පැමිණි අතර, තවත් ගල් අඟුරු නෞකා දෙකක් ජනවාරි 18 වනදා සහ 19 වනදා දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙනවා.

මේ අතර, තෛපොංගල් උත්සවය නිමිත්තෙන් අද දිනයේදී විදුලි කප්පාදුවක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required