English English සිංහල සිංහල தமிழ் தமிழ்

‘කලලයට සති පහයි’.

Facebook
Twitter
LinkedIn

සමහර හීන තියෙනවා මිනිස්සුන්ට හැබෑ කරගන්නම හිතෙන. මේ එහෙම හැබෑ කරගත්ත හීනෙක කතාවක්!

ආයුබෝවන්!

ආයුබෝවන්!

තරුෂි ඔබව හදුන්වා දුන්නොත්?

මම තරුෂි මිථිලා තත්සරණි රාජපක්ෂ. ගම කෑගල්ල. දැනට කැලණිය විශ්ව විද්‍යාලයේ සිනමා හා රූපවාහිනී අධ්‍යන අංශයේ තෙවන වසර ශිෂ්‍යාවක් විදිහට අධ්‍යන කටයුතු කරගෙන යනවා. විශ්ව විද්‍යාලයේ කලා මණ්ඩලයෙත්,”නේමඬල” ඩිජිටල් පුවත්පතෙත් සඟරා සංස්කාරකවරියක් ලෙස කටයුතු කරනවා.ඒ වගේම විශ්ව විද්‍යාලයේ “ලියෝ” සමාජය තුළ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙසත් කටයුතු කරනවා.

“කලලයට සති පහයි” මොකක්ද මේ කතාව?

“කලලයට සති පහයි” කියන්නේ මගෙ කුළුදුල් කාව්‍ය නිර්මාණය.කාලයක් තිස්සේ හිතේ තිබ්බ හීනයක් මල්ඵල ගැන්වූ අවස්ථාව.

ඔබේ මේ හීනයට එන්න පදනම වැටෙන්නෙ කොහොමද?

මගෙ පාසල වුණේ කෑගලු බාලිකා විද්‍යාලය. ඇත්තටම මේ හීනයට එන්න විතරක් නෙමෙයි, මගෙ ජීවිතේ සාර්ථකත්වයේ පදනම මගෙ පාසල කිවුවොත් හරි. පාසල් ජීවිතේ ඇතුළෙ 6 ශ්‍රේණියේ සිටම නිවේදන කටයුතු,නාට්‍ය තරඟ, නූර්ති ආදියට මම සම්බන්ධ වුණා. ඒ වගේම ඉංග්‍රීසි භාෂා දින තරඟවලට , සිංහල භාෂා තරඟවලට හැම අවුරුද්දකම සම්බන්ධ වුණා. පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායිකාවක් ලෙසත්, නිවාස උප නායිකාව ලෙසත් කටයුතු කළා. ඒ වගේම කලාප ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජිකාවක් ලෙස හොඳ පන්නරයක් සමාජය පිළිබඳව ලබා ගන්න මට අවස්ථාව ලැබුණා. පාසලේ බිත්ති පුවත්පතින් පටන් ගත්ත ලිවීමේ කලාව පත්තර දක්වා රැගෙන යන්නත් ඒ අතර මට අවස්ථාව ලැබුණා .

පාසල් ජීවිතේ ඔබ ලබා ගත් ජයග්‍රහණ පිළිබඳව කතා කළොත්?

2012-2013 සමස්ථ ලංකා නූර්ති තෙවන ස්ථානය , 2013 සමස්ථ ලංකා නූර්ති ඒකල ගායනා අංශයේ දෙවන ස්ථානය ,ඉංග්‍රීසි භාෂා කණ්ඩායම් ගීත සබරගමු පළාත් ප්‍රථම ස්ථානය, 2013 සිංහල භාෂා තරඟාවලියේ කථික පළාත් මට්ටමෙන් තෙවන ස්ථානය ලබාගන්න හැකි වුණා.

නිර්මාණකරණයට පිවිසෙන්න විශ්ව විද්‍යාල ජීවිතේ ලැබුණු අවස්ථාව කොහොමද?

විශ්ව විද්‍යාලය තුළ මම හදාරන්නේ සිනමාව පිළිබඳව අපේ පාඨමාලාව ලංකාවේ දැනට පවතින එකම රාජ්‍ය විශ්ව විද්‍යාලය වෙන්නෙ කැලණිය විශ්ව විද්‍යාලය පමණයි. ඉතින්, අපේ අධ්‍යන අංශයෙන් අපිට ලැබෙන්නේ පුදුමාකාර සහයෝගයක්. මොකද සිනමාව කියන්නෙත් එක කලාවක්.ඒ කලාව ඇතුළෙ තමයි අපි ජීවත් වෙන්නෙ. කලාව ඇතුළෙ අපි කතා කරන හැම අංගයක්ම සිනමාව ඇතුළෙ තියෙනවා.විශේෂයෙන්ම කලා මණ්ඩලයෙ සභාපතිතුමන් වන පැට්‍රික් රත්නායක සර්,උපුල් සර් ඇතුළු සමස්ථ ආචාර්ය මණ්ඩලය අංකුර නිර්මාණකරුවෙක් විදිහට මට මේ පොත එළිදක්වන්න පුදුමාකාර විදිහට සහයෝගයක් වගේම ධෛර්යක් ලබා දුන්නා.

මේ කවි පොත පිළිබඳව කතා කළොත්?

කවි පොතක් කරන්න ඕන කියන අදහස සෑහෙන කාලයක සිට පැවතුණු අදහසක්.ඒ අදහස නිසාම කවි කරපු මගෙ අදහස්, පොත් ගණනාවකම දැනටමත් ලියලා තියෙනවා. මේ පොතට එකතුවෙන්නෙ,කොවිඩ් කාලයේ ගෙදරට වෙලා ඉන්නකොට ලියවුණු කවි.
මගෙ අතින් ලියවුණු ඒ කවි අතරින් මම ආසම කවිය “වන්නියෙ හදවතක මල් පිපිදිය හැකිද යළි? ” කියන පද්‍ය පන්තිය.මම ඒ පද ටිකට ගොඩක් ආදරේ කරනවා. යුද්ධය කියන කාරණය ඇතුළෙ ජයග්‍රහණයක්වත් පරාජයක්වත් නෑ කියන කතාව මට සමාජ ගත කරන්න ඕන වුණා.කුමන ආකාරයේ දේශපාලන හෝ සමාජීය තත්ත්වයන් යටතේ ඇති වන යුදමය තත්ත්වයකදී වුවත් ඒ බිඳ වැටෙන්නෙ මානව සබඳතා,මනුෂ්‍යත්වය. කුඩා දරුවන්ගෙ පෞර්ෂයට පවා බලපාන දෙයක් යුද්ධය කියන්නෙ.ඒක පශ්චාත් යුධ අවදිය පිළිබඳව ගවේෂණයක් කළොත් අපිට දැකගන්න පුලුවන් වේවි.යුද්ධය නිසා අහිමි වීම් දරාගත්ත මිනිස්සුන්ට වන්දියක් වැඩක් නෑ.

වර්තමානයේ කලාවට,කවියට පවතින තත්ත්වය පිළිබඳ ඔබේ අදහස මොන වගේද?

වර්තමානයේ සමාජ මාධ්‍ය එක්ක කවිය,කලාව තව තවත් මිනිස්සුන්ට සමීපයි. නමුත් ඒ සමීප බවම කවිය, කලාව මිනිස්සුන්ගෙන් වෙන් කරන්නත් හේතුවක් වෙලා. මොකද තාක්ෂණය එක්ක බද්ධ වෙච්චි ජීවිතවලට සහ ලංකාවේ වර්තමාන සමාජ ,ආර්ථික තත්වයත් එක්ක කලාවට,කවියට අපි දුරයි කියන හැඟීම තමයි මට දැන් හැම වෙලාවකම දැනෙන්නේ.

ඔබේ ගමනට උදව් වුණු අය මතක් කළොත්?

මගෙ අම්මා තාත්තා,ලොකු අම්මා ඇතුළෙ පවුලෙ හැමෝම වගේම මගෙ පාසලත් මතක් කරන්න ඕන. කෑගලු බාලිකා විද්‍යාලය සහ එහි ආචාර්ය මණ්ඩලය . විශ්ව විද්‍යාලයේ කලා මණ්ඩලය, නේමඬල සංසදය , පැට්‍රික් සර්,උපුල් සර් ඇතුළු විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය වගෙම යහලු යෙහෙළියන් සියලු දෙනා. ඊට අමතරව විශේෂයෙන් මගෙ අක්කව මේ වෙලාවෙ මතක් කරන්නම ඕන.

අවසාන වශයෙන් ඔබට නවක නිර්මාණ කරුවන්ට කියන්න තියෙන්නෙ මොනවද?

නවක නිර්මාණ කරුවෙක් වෙන්න බය වෙන්න එපා. අභියෝග එක්ක ඉදිරියට එන්න. අභියෝග එන තරමට ඔයා සාර්ථකයි. විශේෂයෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයේ නිර්මාණකරණයට පිවිසෙන්න බලාගෙන ඉන්න ඔයාලට කලා මණ්ඩලය හැම මොහොතකම අත හිත දෙන්න බලාගෙන ඉන්නවා.’හිතේ තියාගන බලන් ඉන්න එපා. සමාජ ගත කරන්න ඔබේ නිර්මාණය. සමාජගත කළොත් තමයි ඔබට වගකීමක් සහ වටිනාකමක් ලැබෙන්නෙ. ඉතින් දැන්ම ඔබ ඉන්න තැනින් එළියට එන්න ඔබේ නිර්මාණ ශක්තියත් සමඟ.’

ස්තූතියි ඔබට !

✍️ සඳුනි දිසානායක.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000