/
/
title icon මහ කන්නයේ වී, අස්වැන්න ප‍්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම්වරු හරහා ගන්න කැබිනට් අනුමැතිය.
මහ කන්නයේ වී, අස්වැන්න ප‍්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම්වරු හරහා ගන්න කැබිනට් අනුමැතිය.
Editor
1 year ago
Share:
මහ කන්නයේ වී, අස්වැන්න ප‍්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම්වරු හරහා ගන්න කැබිනට් අනුමැතිය.

මෙවර මහ කන්නයේ වී අස්වැන්න ප‍්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම්වරු හරහා මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ සඳහා රජය රුපියල් බිලියන 10ක් වෙන්කර ඇති අතර ගොවීන්ගෙන් වී කිලෝවක් මිලදී ගන්නා මිල සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

එලෙස මිලදී ගන්නා වී තොග කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල හිමියන්ගේ සහයෙන් සහල් බවට පත්කර සමෘද්ධී ප‍්‍රතිලාභීන් ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මසකට සහල් කිලෝග‍්‍රෑම් 10 බැගින් මාස 2ක කාලයක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා.

ඊට සහල් මෙට්‍රික් ටොන් 40,000ක් අවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් රජය විසින් වී මෙට්‍රික් ටොන් 61,600ක් පමණ මිලදී ගැනීමට අවශ්‍යයි.

මේ අතර දිවයිනේ ප‍්‍රදේශ රැසක මහකන්නයේ වගා කළ කුඹුරු කහ පැහැගැන්වීමේ රෝගය හේතුවෙන් ගොවීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required