English English සිංහල සිංහල தமிழ் தமிழ்

කොළඹ සරසවි සිසුවියක තුරඟ තරග පිටියේදී ගෙළ කපා ඝාතනය කෙරේ.

Facebook
Twitter
LinkedIn

කොළඹ තුරග තරග පිටියේදී පිහි ඇනුමක් සිදුකර කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක් ඝාතනය කළ ඇගේ පෙම්වතා බව කියන තරුණයා වැල්ලම්පිටිය පොලිසිය මගින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. එම සැකකරුද කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකු බවයි වාර්තා වන්නේ.

ඊයේ දහවල් 12.30 ට පමණ මෙම ඝාතනය සිදුකර ඇති අතර, පොලිසියට ලද තොරතුරකට අනුව බිම වැටී තිබූ අදාළ තරුණියගේ මළසිරුර සොයාගනු ලැබුවා. මෙලෙස ඝාතනය කර තිබුණේ 24 හැවිරිදි හෝමාගම – කිරිවත්තුඩුව – පුබුදු උයන ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක්. ඇය, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ඉගෙනුම ලබන සිසුවියක් වන අතර, සැකකරුද එම පීඨයේම තුන්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු බවයි වාර්තා වන්නේ.

මෙම ඝාතනයෙන් පසු බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කඩිනමින් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙම ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව අදාළ සිසුවා පලායන අයුරු අසළ තිබූ සී සී ටී වී කැමරාවලද සටහන් වී තිබූ අතර, අසළ සිටි සනීපාරක්ෂක සේවකයින් දෙදෙනෙකුද එය නිරීක්ෂණය කර තිබුණා.

පසුව මියගිය සිසුවියගේ පියාගේ මාර්ගයෙන් සැකකරු පදිංචි නිවස සොයාගෙන ඇති පොලිසිය වැල්ලම්පිටිය ප‍්‍රදේශයට පොලිස් කණ්ඩායම් පිටත් කර යවා තිබෙනවා. එම අවස්ථාවේදී සැකකරුගේ දුරකථනයට ඇමතුම් කිහිපයක් ලබාගත්තද ඔහු ඊට ප‍්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.

අනතුරුව ඔහුගේ නිවස පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් සැකකරුගේ කාමරය තුළ තිබී ඝාතනය සඳහා යොදාගත් උල් පිහිය, ලේ තැවරුණු ටී ෂර්ටය සහ බෑගයක් සොයාගනු ලැබුවා.

කෙසේ වෙතත් සැකකරු එම අවස්ථාවේ නිවසින් පලාගොස් ඔහු පදිංචි නිවස පිහිටි වත්තේ සැඟව සිට තිබෙනවා. ඒ, රාත‍්‍රී කාලයේදී කැළණි ගඟට පැන සියදිවි හානිකරගැනීමේ අරමුණින්. කෙසේ වෙතත් කඩිනමින් ක‍්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

New

Tata Bowser

රු2,950,000
Job Vacancy
New

Job Vacancy

රු50,000
New

Bulututh Hansfre

රු3,000
New

Water Cooler

රු24,000
New

Flash Light

රු12,500
New

Tool Box

රු9,500
New

Tool Box

රු7,500
New

Door Lock

රු11,500
New

Exsos Fan

රු7,500
New

CCTV Camara

රු18,000
New

Water Cooler

රු18,000
New

VIP Light

රු12,000
New

Canan M50 Mark II

රු255,000
New

Art

රු50,000
New

Camara Tripod

රු15,000