/
/
title icon ඉන්දියාවේ ෂුබ්මන් ගිල්, ද්විත්ව ශතක වාර්තා පොත් අලුත් කරයි.
ඉන්දියාවේ ෂුබ්මන් ගිල්, ද්විත්ව ශතක වාර්තා පොත් අලුත් කරයි.
Editor
1 year ago
Share:
ඉන්දියාවේ ෂුබ්මන් ගිල්, ද්විත්ව ශතක වාර්තා පොත් අලුත් කරයි.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරඟය ලකුණු 12 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 08 ක් දැවී ලකුණු 349 ක් රැස් කළා. එහිදී ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් ලකුණු 208 ක් ලබාගත්තා. ඒ අනුව ජාත්‍යන්තර එක්දින පිිටියේ ද්විත්ව ශතකයක් ලබාගත් ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙස මොහු වාර්තා අතරට එක්වනවා.

කෙසේ වෙතත්, ජයග‍්‍රහනය සඳහා ලකුණු 350 ක ඉලක්කය හඹාගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 49 යි පන්දු 02 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 337 ක් පමණයි. එහිදී සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ නවසීලන්තයේ මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 140 ක් ලබාගත්තා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required