/
/
title icon විදේශිකයන්ගේ මුදල් සොරාගත් හෝටල් හිමිකරු ඇතුළු 03 ක් අල්ලයි.
විදේශිකයන්ගේ මුදල් සොරාගත් හෝටල් හිමිකරු ඇතුළු 03 ක් අල්ලයි.
Editor
1 year ago
Share:
විදේශිකයන්ගේ මුදල් සොරාගත් හෝටල් හිමිකරු ඇතුළු 03 ක් අල්ලයි.

උණවටුන ප‍්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිටි විදෙස් ජාතිකයන් සතුව තිබූ රුපියල් ලක්ෂ 60 ක පමණ මුදලක් සොරා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් එම හෝටලයේ හිමිකරු, ඔහුගේ පුත‍්‍රයා සහ ගණකාධිකාරීවරයා අද ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු වන එම හෝටලයේ කළමණාකරු මේ වනවිට ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා උණවටුන සංචාරක පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි.

පසුගිය 01 වනදා අදාළ විදේශිකයන් උණවටුන සංචාරක පොලිස් ස්ථානය වෙත කරනු ලැබූ පැමිණිිල්ලකට අනුව ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණා. ඒ අනුව සිදුකළ විමර්ශනයේදී අදාල විදේශිකයන් නවාතැන්ගෙන සිටි හෝටල් කාමරයේ තිබූ ආරක්ෂක සේප්පුව විවෘත කර ඔහු සතු ඩොලර් 10,100ක්, රුසියානු රූබල් 195,000ක් සහ යුරේ 200ක් සොරාගෙන ඇති බවට අනාවරණය වුණා.

විමර්ශන නිලධාරීන් විසින් හෝටලයේ සීසීටීවි කැමරා පද්ධිතියේ දර්ශන පරීක්ෂා කිරීමට යාමේදී එහි තිබූ සියලූම දර්ශන මකාදමා තිබීම හේතුවෙන් ඞී.වී.ආර් යන්ත‍්‍රය අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂක වෙත යොමු කරනු ලැබුවා. එමෙන්ම දුරකතන දත්ත විශ්ලේෂණ වාර්තාවක් ලබාගැනීමට කටයුතු කර තිබූ අතර ඒ අනුව ඊයේ මෙම සැකකරුවන් තුන්දෙනා සොරාගන්නා ලද රුපියල් ලක්ෂ 11ක් සමඟ අත්අඩංගුවට ගත්තා. මොවුන් අවුරුදු 35, 37 සහ 60 යන වයස්වල පසුවන උණවටුන සහ බෝගහගොඩ ප‍්‍රදේශවල පදිංචිකරුවන්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required