/
/
title icon මඩ පොහොර ගොවීන්ට ලබන කන්නයේ සිට නොමිලේ.
මඩ පොහොර ගොවීන්ට ලබන කන්නයේ සිට නොමිලේ.
Editor
1 year ago
Share:
මඩ පොහොර ගොවීන්ට ලබන කන්නයේ සිට නොමිලේ.

ලබන යල කන්නයේ වී වගාවට අවශ්‍ය ටී එස් පී හෙවත් මඩ පොහොර ප‍්‍රමාණය ගොවීන්ට නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ අනුව ලබන මාසයේ මුල් සති දෙක තුළ මඩපොහොර මෙට්‍රික් ටොන් 36,000 ක් රැගත් නෞකාවක් මෙරටට ළඟාවීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මෙවර මහ කන්නයේදී යූරියා මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 25,000 ක් ආනයනය කර තිබෙන අතර, ඉන් සියයට 75 ක් අලෙවි වී තිබෙනවා.

කෙසේ වෙතත් එම්. ඕ.පී. හෙවත් බණ්ඩි පොහොර අලෙවි වී ඇත්තේ සියයට 5 ක් තරම් ප‍්‍රමාණයක් බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර රාජාංගණය යාය 17 ප‍්‍රදේශයේ ගොවීන් ප‍්‍රකාශ කළේ කහ සහ රතු පුල්ලි රෝගය වැළඳීමෙන් අක්කර 400 කට අධික භූමි ප‍්‍රමාණයක් විනාශ වී ඇති බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required