/
/
title icon කොළඹට අද පැය 09 ක ජල කප්පාදුවක්.
කොළඹට අද පැය 09 ක ජල කප්පාදුවක්.
Editor
1 year ago
Share:
කොළඹට අද පැය 09 ක ජල කප්පාදුවක්.

ලංකා විදුලිබල මණ්ඩලය සිදුකරන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අද පැය 9 ක කාලයක් කොළඹ ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව පෙරවරු 11 සිට රාත‍්‍රී 8 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ දෙහිවල, ගල්කිස්ස, ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බලප‍්‍රදේශවලට හා මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප‍්‍රදේශවලටයි.

ඊට අමතරව කොටිකාවත්ත – මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට මෙන්ම රත්මලාන හා කටුබැද්ද යන ප‍්‍රදේශවලටද මෙම කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය  නිවේදනය කළේ.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required