/
/
title icon බිත්තර වෙළඳුන් සොයා යළි වැටලීම්.
බිත්තර වෙළඳුන් සොයා යළි වැටලීම්.
Editor
1 year ago
Share:
බිත්තර වෙළඳුන් සොයා යළි වැටලීම්.

උපරිම සිල්ලර මිල ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළඳුන් සහ නිෂ්පාදකයන් සොයා දිවයින පුරා වැටලීම් මේ වනවිට ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එහි සභාපති, නීතිඥ ශාන්ත නිරිඇල්ල කියා සිටියේ එම ව්‍යාපාරිකයන්ට එරෙහිව කටයුතු කරන බවයි.

සුදු බිත්තරයක් රුපියල් 44 ක උපරිම සිල්ලර මිලකටත්, රතු බිත්තරයක් රුපියල් 46 ක උපරිම සිල්ලර මිලකටත් අලෙවි කළ යුතු බව දක්වමින් පාරිභෝගික අධිකාරිය පෙරේදා ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව ඊයේ දිනයේ සිට මෙම උපරිම සිල්ලර මිලට යටත්ව බිත්තර අලෙවි කළ යුතු බවයි එහි දැක්වුණේ.

කෙසේ වෙතත්, බිත්තර සඳහා පාලන මිලක් පැනවීම හේතුවෙන් තමන් බිත්තර වෙළඳාමෙන් ඉවත්වීමට තීරණය කළ බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය ඊයේ ප‍්‍රකාශ කළා. එම සංගමයේ සභාපති ඇන්ටන් අප්පුහාමි කියා සිටියේ මෙම තත්ත්වය හමුවේ ඉදිරියේදී බිත්තර හිඟයක් ඇතිවිය හැකි බවයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required