/
/
title icon FIFA ශ‍්‍රී ලංකාව තහනම් කරයි.
FIFA ශ‍්‍රී ලංකාව තහනම් කරයි.
Editor
1 year ago
Share:
FIFA ශ‍්‍රී ලංකාව තහනම් කරයි.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ, ඊයේ සිට ක‍්‍රියාත්මක වන පරිදියි.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය ජනවාරි මස 14 වනදා පැවති ශ‍්‍රී ලංකා පාපන්දු නිලවරණය සම්බන්ධයෙන් මෙරට බලධාරින් එකඟ වූ ක‍්‍රියාපටිපාටියෙන් බැහැරව කටයුතු කිරීම හා ඊට අදාළව පැවති ඡන්ද විමසීමේදී තෙවන පාර්ශවයේ මැදිහත්වීම් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

එම නියෝගයට අනුව ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය හෝ එම නිලධාරින් සාමාජිකත්වය දරණ පාපන්දු සමාජ කණ්ඩායම්වලට අදාළ තහනම ඉවත් කරන තුරු ජාත්‍යන්තර තරඟවලට සහභාගිවීමේ අවස්ථාව හිමිනොවනු ඇති.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required