Author: Admin

තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකු විසින් නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට රැගෙන ආ රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් කොල්ලකා පළා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු ගිනි අවි සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ව්‍යාපාරිකයා අද දහවල් මෝටර් රථයෙන් පැමිණ බැංකුවට ඇතුළු වීමට ගමන් කරන අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් ගිනි අවි පෙන්වා මෙම කොල්ලය සිදුකර ඇති බවයි. පසුව පොලිසිය ඔවුන් ලූහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වනවිට තඹුත්තේගම පොලිස් භාරයේ පසුවන අතර ඔවුන්ගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සිදුකරන බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂිත කලාප වශයෙන් නම්කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා අද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙරුණා. සමාජවාදි තරුණ සංගමයේ ක‍්‍රියාකාරියෙකු වන මහේෂ් තරංග ඉඳුනිල් නැමැත්තා විසිනුයි අදාළ පෙත්සම ගොනු කරනු ලැබුවේ. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා , ආරක්ෂක ලේකම්වරයා ඇතුළු තවත් 10 දෙනෙකු නම්කර තිබෙනවා. කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් මෙලෙස අධි ආරක්ෂිත කලාප ලෙස නම් කරමින් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ පසුගිය 23 වනදායි. කෙසේ වෙතත්, රාජ්‍ය රහස් පනත යටතේ නිකුත් කළ මෙම ගැසට් නිවේදනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා ඇත්තේ.…

Read More

මෙරටට ගෙන්වා ඇති බොරතෙල් වල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සිදුකළ ප‍්‍රකාශයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප‍්‍රකාශ කළා. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පසුගියදා පෞද්ගලික රූපවාහිණියක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ බොරතෙල්වල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ගැටළු පවතින බවයි. මේ අතර, හෙට සහ අනිද්දා යන දිනවලද පැය 02 යි විනාඩි 20 ක කාලයක් විදුලිය කප්පාදුව කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා. ඒ අනුව දහවල් කාලයේ පැයකුත්, රාත‍්‍රී කාලයේදී පැයයි විනාඩි 20 කුත් විදුලි කප්පාදුව සිදුවනු ඇති. මේ අතර, ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන්…

Read More

සාමකාමී උද්ඝෝෂණවලට බාධාවක් නොමැති අතර, විරෝධතාවන් පැවැත්වීමට පැය හයකට පෙර පොලිසිය දැනුවත් කර අවසර ලබාගත යුතු බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළා. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ රටේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ප‍්‍රකාශ කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන අයුරින් විරෝධතා දියත් කරන පිරිස්වලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය අවස්ථාවලදී ත‍්‍රිවිධ හමුදාවල සහයද ලබාගන්නා බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළේ ඇතැම් පාර්ශව රට අස්ථාවර කිරීමේ උත්සහයක නිරතවන බවයි. මේ අතර කොළඹ පසුගියදා පැවති විරෝධතාව අතරතුර සමාජවාදී තරුණ සංගමයේ…

Read More

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග‍්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරණායකගේ 63 වන ගුණසමරුව අද පෙරවරුවේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ සහභාගීත්වයෙන් ස්ථාන දෙකකදී පැවැත්වුණා. හොරගොල්ල – බණ්ඩාරනායක සමාධිය අභියසදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවති එක් උත්සවයකට අග‍්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද එක්ව සිටියා. එමෙන්ම, පසුගියදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ අමාත්‍ය මහින්ද අමරවීර හා රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න සහ රංජිත් සියඹලාපිටියද ඊට එක්ව සිටීම විශේෂත්වයක්. ඔවුන්ට අමතරව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායකද එම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පසුගියදා නව ලංකා නිදහස් පක්ෂය බිහි කළ එහි නායක කුමාර වෙල්ගම හොරගොල්ල…

Read More

පාස්කු ඉරුදින ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට එරෙහිව එම නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය, මෘදු ප‍්‍රනාන්දු, එස් තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඞී. නවාස් සහ ෂිරාන් ගුණරත්න යන සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනුයි මෙම තීන්දුව අද ලබාදුන්නේ. තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් අග විනිසුරු ජයන්ත ජයසූරිය සඳහන් කළේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 35 – එක වගන්තිය යටතේ වත්මන් ජනාධිපති රනිල් වික‍්‍රමසිංහට මුක්තියක් හිමිවන බවයි. එම වගන්තිය ප‍්‍රකාරව වර්තමානයේ ජනපති ධුරය දරණ තැනැත්තෙකුට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බවද අගවිනිසුරුවරයා පෙන්වා දුන්නා. රාජ්‍ය…

Read More

සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහි ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ නඩුවේ චූදිතයෙකු ලෙස  නම් කර සිටින ශ‍්‍රී ලාංකික බොලිවුඞ් රංගන ශිල්පිනී ජැක්ලීන් ෆර්ඩිනැන්ඩස්  අතුරු ඇපයක් මත මුදාහැර තිබෙනවා. දිල්ලි – පට්යාලා හවුස් අධිකරණය ඉන්දීය රුපියල් 50,000 ක බැඳුම්කරයක් මතයි මෙලෙස අතුරු ඇප නියම කර ඇත්තේ. ඇය සුදු කමිසයක් සහ කළු කළිසමකින් සැරසී නීතීඥයෙකු ලෙස වෙස් වලාගෙන අධිකරණ ශාලාවට හොර රහසේ ඇතුලූවී ඇති බවයි ඉන්දිය වාර්තා සඳහන් කළේ. කෙසේ වෙතත් මීළඟ නඩු විභාගය එළඹෙන ඔක්තෝම්බර් මස 22 වනදා පැවැත්වීමට නියමිතයි. සුකේෂ් චන්ද්‍රසේකර් විසින් ජැක්ලීන්ට කප්පම් ගැනීම් ඇතුළු අපරාධ කි‍්‍රයාවලින් උපයාගත් මුදලින් ඉන්දීය රුපියල් කෝටි 5 යි දශම 7 යි 1 ක…

Read More

බලපෑම්වලට යටත් නොවී නිසි වේලාවට සිය වගකීම් ඉටු කරන්නැයි අගරඳගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරනවා. ඒ, රාගම ශ‍්‍රී හෘදය දේවස්ථානයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්. එහිදී උන්වහන්සේ කියා සිටියේ ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමේදී ජනතාව, ආණ්ඩුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පිළිතුරු ලබාදිය යුතු බවයි.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂට දුරකථනයෙන් තර්ජනය කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුවයි. රුපියල් ලක්ෂ 10 ක කප්පම් මුදලක් ඉල්ලා සැකකරු විසින් හිටපු ජනාධිපති බිරිඳට ඇමතුම් 30 ක් පමණ ලබාදී බවටයි අදාළ පැමිණිල්ලේ දැක්වෙන්නේ. ඒ අනුව විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කොළොන්නාව – සාලමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි අනාවරණ වී ඇත්තේ. මේ අතර ශ‍්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුලූවී එහි විකාශන කටයුතුවලට බාධා සිදුකිරීමේ චෝදනාවට අදාළ නඩුව ලබන වසරේ ජනවාරි 9 වනදා…

Read More

පින්නවල සත්වෝද්‍යානය රාත‍්‍රී සෆාරි උද්‍යානයක් ලෙස නම් කිරීමට තීරණය කර ඇති බව වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවසනවා. විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ පස්වරුවේ පින්නවල සත්වෝද්‍යානය හා ඇත් අතුරු සෙවන ආශ‍්‍රිතව ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබුවා. එම සාකච්ඡාවට එක්වූ ව්‍යාපාරික ප‍්‍රජාව කියා සිටියේ දැනට පින්නවල සත්වෝද්‍යානය හා ඇත් අතුරු සෙවන නැරඹීමට අවසර ලබාදෙන්නේ පස්වරු 5 දක්වා පමණක් බවයි. මේ හේතුව නිසා  රජයට දෛනිකව උපයාගත හැකි විශාල ආදායමක් අහිමිවන බවද ඔවුන් පෙන්වා දුන්නා. ඒ අනුවයි ඊට ඇති නෛතික බාධාවන් සම්බන්ධයෙන් සොයා බලා පින්නවල සත්වෝද්‍යානය රාත‍්‍රී සෆාරි උද්‍යානයක් ලෙස නම් කිරීමට තීරණය කර ඇත්තේ.

Read More