Author: Admin

ඇල්ල රොක් රක්ෂිත ප‍්‍රදේශයේ ඊයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් පාසල් සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගින්න හේතුවෙන් අක්කර 15 ක් පමණ විනාශයට ලක්ව ඇති අතර, ගින්න ඊයේ රාති‍්‍රයේම පාලනය කිරීමටයි කටයුතු කෙරුණේ. ඒ, බණ්ඩාරවෙල ආපදා කළමනාකරණ ඒකකයේ මැදිහත්වීමෙන්. බදුල්ල ප‍්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පොලිස් භාරයට ගැනුණේ, ප‍්‍රදේශවාසීන් විසින් එම පිරිස අල්ලා පොලිසියට භාරදීමත් සමඟයි. ඔවුන් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Read More

ගල් අඟුරු මෙට්‍රික් ටොන් විසි දෙලක්ෂ 50,000 ක් මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩරය ලබන අඟහරුවාදා කැඳවන බව ලංකා ගල් අඟුරු සමාගම පවසනවා. කැබිනට් මණ්ඩලය විසින් පසුගියදා ඊට අනුමැතිය ලබාදුන්නා. අගෝස්තු 25 වනදා ඩුබායි හි බ්ලැක් සෑන්ඞ් කොමඩිටීස් සමාගමට ලබාදුන් ගල් අඟුරු ටෙන්ඩරය අමාත්‍ය මණ්ඩලය විසින් අවලංගු කිරීමත් සමඟයි මෙලෙස නව ටෙන්ඩරයක් කැඳවීමට පියවර ගෙන ඇත්තේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ඉල්ලීමකට අනුව ටෙන්ඩරය කැඳවෙන අතර, දිගුකාලීන ණය පදනමක් මත ගල් අඟුරු සැපයීමට හැකි සැපයුම්කරුවෙකුට ඉඩ සලසා දෙමින් නව ටෙන්ඩර් කැඳවීමක් ලංකා ගල් අඟුරු සමාගම විසින් ප‍්‍රකාශයට පත් කරනු ඇති.

Read More

ඖෂධ හිඟයට විසඳුම් ලබාදීම සඳහා සෞඛ්‍ය සේවාව පෞද්ගලීකරණය කිරීමට කටයුතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසනවා. කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මේ බව කියා සිටියා.

Read More

වෙඩි ප‍්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍යය උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ අද රාත්‍රියේ ජපානය බලා පිටත්ව යෑමට නියමිතයි. ජපානයේ දීර්ඝතම කාලයක් සේවය කළ ෂින්සෝ අබේ ප‍්‍රචාරක රැලියක් අතරතුරදී වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය ජූලි මස 08 වැනිදායී. ජනාධිපති රනිල් වික‍්‍රමසිංහගේ සංචාරය අතරතුර ජපාන අග‍්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ඇතුළු ජපාන රජයේ ඉහළ පෙලේ නිලධාරීන් හමුවීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. එහිදී ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා චීනය සහ ඉන්දියාව ඇතුළු ප‍්‍රධාන ණය දෙන රටවල් සමඟ ඊට අදාළ සාකච්ඡා සඳහා සම්බන්ධීකරණය සිදුකරන ලෙසට ජපානයට ආරාධනා කිරීමටද නියමිත බවයි රොයිටර් පුවත් සේවය මීට පෙර වාර්තා කළේ.

Read More

රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය සඳහා වන එක්සත් ජනපද ස්ථිර නියෝජිතවරිය වන සින්ඩි මැකේන් සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ කැපවීම සහ මෙරට සමගින් පවතින හවුල්කාරිත්වය ශක්තිමත් කර ගැනීම ස`දහා ඇය මෙම සංචාරයේ නිරත වන බවයි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනය කළේ. ලබන 28 වනදා දක්වා දිවයිනේ රැදී සිටින ඇය කොළඹදී ආධාර ලබාදෙන සංවිධාන හමුවීමට අමතරව, මධ්‍යම පළාතේ පාසල්, කෘෂිකාර්මික පර්යේෂණ ආයතන සහ ප‍්‍රජා සංවිධාන හමුවේ එක්සත් ජනපද අරමුදලින් කි‍්‍රයාත්මක වන මානුෂීය ආධාර වැඩසටහන්වල ප‍්‍රතිලාභීන් සහ ඒවා කි‍්‍රයාත්මක කරන්නන් ද මුණගැසෙනු ඇති.

Read More

රුසියානු එරෝෆ්ලොට් ගුවන් සේවය ඔක්තෝම්බර් 9 වනදා සිට යළි ශ‍්‍රී ලංකාව තුල මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිත බව රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ඒ.ලියනගේ ප‍්‍රකාශ කළා. අධිකරණ කටයුත්තක් හේතුවෙන් එරෝෆ්ලොට් ගුවන් යානයක් මෙරට රඳවා ගැනීමත් සමඟයි ඒ පිළිබඳව ගැටලූකාරි තත්ත්වයක් මතුවුණේ. ඒ සමඟ එම ගුවන් සේවය ශ්‍රී ලංකාවට සිදුකරන සියළුම ගුවන් ගමන් අත්හිටුවීමටයි පියවර ගත්තේ.

Read More

අභාවප‍්‍රාප්ත දෙවන එලිසබෙත් මහරැජිනගේ අවමංගල්‍ය උත්සවයට වැය වූ මුදලට වඩා වැඩි මුදලක් ජපානයේ හිටපු අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍ය උත්සවය සඳහා වැය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අවමංගල්‍ය උත්සවය සඳහා ජපාන රජයෙන් බිලියන 1.66 ක මුදලක් වැය කර ඇති අතර, එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය සඳහා වැය කර ඇත්තේ ජපාන මුදල් ඒකකවලින් යෙන් බිලියන 1 යි දශම 3 ක් පමණයි.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ, සමාජවාදී තරුණ සංගමය සංවිධාන කළ විරෝධතා පාගමනක් පොලීසිය ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට කටයුතු කළා. මර්දනය හකුලාගනු, වහා ඉල්ලා අස්වනු යන මැයෙන් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා. ලිප්ටන් වටරවුමෙන් ආරම්භ කළ විරෝධතා පාගමන ඞීන්ස් පාර හරහා කොළඹ දෙසට ගමන් කිරීමේදී ජල සහ කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කර එය විසුරුවා හැරීමටයි පොලීසිය කටයුතු කරනු ලැබුවේ. භික්ෂුන් වහන්සේ දෙනමක්, කාන්තාවන් සිව් දෙනෙකු ඇතුළු 83 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා. ඒ අතර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ද සිටිනවා.

Read More

කොළඹ අධි ආරක්ෂක කලාප පිහිටුවීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය සිය ස්ථාවරය ප‍්‍රකාශයට පත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නීතිඥ සංගමය එමගින් අවධාරණය කර ඇත්තේ විශාල ප‍්‍රදේශයක් අධි ආරක්ෂිත කලාප ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට රාජ්‍ය රහස් පනතින් බලයක් නොමැති බවයි. ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ත‍්‍රිවිධ හමුදා මූලස්ථාන, පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුළු ප‍්‍රදේශ රැසක් අධි ආරක්ෂක කලාප ලෙස ප‍්‍රකාශයට පත් කළා. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය  නිකුත් කෙරුණේ ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුවයි. මෙම ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තු සංකීර්ණය, උපරිමාධිකරණ සංකීර්ණය, නීතිපති දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා සහ පොලිස් මූලස්ථානය, ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදා මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය, ආරක්ෂක…

Read More

රට තුළ මන්දපෝෂණ තත්ත්වයක් පවතින්නේ නම්, එහි වගකීමෙන් වැඩි කොටසක් වෛද්‍යවරුන් ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසනවා. ඔවුන් කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ රට තුළ ඇතමුන් පෙන්වා දෙන ආකාරයේ මන්දපෝෂණ තත්ත්වයක් නොමැති බවයි. එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ පෝෂණ තත්ත්වය මැනීමේ නිර්ණායකවල වෙනසක් සිදුවිය යුතු බවයි. එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය නිරෝෂන ප්‍රේමරත්න කියා සිටියේ පොල් සෞඛ්‍ය සම්පන්න ආහාරයක් බවයි. කෙසේ වෙතත්, ඉදිරි කාලය තුළ රට තුළ මන්දපෝෂණ තත්ත්වයේ සැලකිය යුතු වැඩිවීමක් සිදුවිය හැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්…

Read More