Author: Admin

දුම්රිය එන්ජින් සහ මැදිරි නඩත්තු කිරීමට අවශ්‍ය උපාංග නොමැතිකමින් දුම්රිය ධාවනය නිසි පරිදි සිදුකර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසනවා. එම සන්ධානයේ කැඳවුම්කරු එස්.පී. විතානගේ සඳහන් කළේ අළුත්වැඩියාවලදී භාවිත කරන ලිහිසි තෙල් නොමැතිවීම හේතුවෙන් එන්ජින් විස්සක් පමණ ධාවනයෙන් ඉවත්කර තැබීමට සිදුව ඇති බවයි. මේ, ඒ් සම්බන්ධයෙන් දුම්රිය වෘත්තිය සමිති සන්ධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනය.

Read More

සුපර් ඞීසල් මෙටි‍්‍රක් ටොන් 30,000 ක් රැගත් නෞකාවක් අද දිවයිනට ළඟාවීමට නියමිතයි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ රුසියානු යූරල් බොරතෙල් මෙටි‍්‍රක් ටොන් එක්ලක්ෂ 20,000 රැගත් නෞකාවද ඊයේ රාති‍්‍රයේ දිවයිනට ළඟා වූ බවයි. ඔටෝ ඞීසල් රැගත් නෞකාවක් එළඹෙන 25 වනදා හෝ 26 වනදා දිවයිනට ළඟාවීමට නියමිත බවද අමාත්‍යවරයා නිකුත් කළ ට්වීටර් පණිවුඩයේ දැක්වෙනවා. ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් නෞකාවක් එළැඹෙන 27 ත්, 29 ත් අතර කාලයේදී දිවයිනට ළඟාවීමට නියමිතයි. මේ අතර, භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු පෙරේදා දිනයේ සිට ආරම්භ කර ඇති බවද විෂයභාර අමාත්‍යවරයා නිකුත් කළ ට්වීටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.

Read More

මෙරට මුහුුදු සීමාවේදී පසුගිය වසරේ ජූනි මස 2 වනදා ගිනිගෙන මුහුදුබත් වූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් නිකුත් වූ ප්ලාස්ටික් සහ අපද්‍රව්‍ය ඉවත් කොට මන්නාරම සිට හම්බන්තොට, කිරින්ද දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමට රුපියල් අනූ කෝටි තිස් අටලක්ෂ 57,293 ක් වැයවී තිබෙනවා. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ ඊයේ පැවති සාකච්ඡුාවකදියි මේ බව අනාවරණ වුණේ. එහිදී විෂයභාර අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට උපදෙස් ලබාදුන්නේ නෞකා අනතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පවතින නීති ප‍්‍රමාණවත් නොවන්නේ නම් ඒ සඳහා නව නීති සම්පාදනය කරන ලෙසයි. මුහුදුබත් වූ නෞකාවේ බහලූම්වලින් නිකුත් වන ප්ලාස්ටික් සහ රසායන ද්‍රව්‍යයන් ඉවත් කොට මෙරට මුහුදු තීරය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට…

Read More

පාලනයකින් තොරව කොරෝනා යළිත් රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි අවධානයක් යොමු කර නොමැති බවටයි ඔවුන් චෝදනා කරන්නේ. ඊයේ මෙරටින් තවත් කොරෝනා මරණ 06ක් වාර්තා වූ අතර හඳුනා ගැනුණු ආසාදිතයින් සංඛ්‍යාව 103 ක්. ඒ් පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සභාපති උපුල් රෝහණ සදහන් කළේ දිනෙන් දින කොරෝනා මරණ සහ ආසාදිතයින් වැඩි වීමේ ප‍්‍රවණතාවක් පවතින බවයි.

Read More

ආහාර උද්ධමනය අතින් ශ‍්‍රී ලංකාව ලොව පස්වන ස්ථානයට පත්ව තිබෙනවා. ලෝක බැංකුව විසින් නිකුත් කර ඇති නවතම දත්ත වාර්තාවලට අනුව එහි පළමු ස්ථානයේ ලෙබනනය සිටින අතර, සිබ්බාබ්වේ දෙවන ස්ථාන‌යේ පසුවනවා. තුන්වන ස්ථානයේ වෙනිසියුලාවත් හතරවන ස්ථාන‌යේ තුර්කියත් පසුවන බව ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවල සඳහන්. ලෝක බැංකුව විසින් මෙය ප‍්‍රකාශයට පත් කර ඇත්තේ පසුගිය අපේ‍්‍රල් මාසයේ සිට ජූලි මාසය දක්වා සිදුකරන ලද සමීක්ෂණයක වාර්තාවලට අනුවයි.

Read More

පසුගිය මැයි මස 09 වනදා සහ ඊට පසු සිදුවූ කලහකාරී සිදුවීම්වලට තවත් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මැයි මස 09 වනදා පාර්ලිමේන්තු මන්ත‍්‍රී යූ.කේ. සුමිත් උඩුකුඹුරගේ නිවසට සහ දේපලවලට ගිනි තබා අනර්ථයක් සිදු කිරීමේ චෝදනාවට සම්බන්ධ පුද්ගලයකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු 22 හැවිරිදි පන්ලියද්ද ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. පාර්ලිමේන්තු මන්තී‍්‍ර පේ‍්‍රමනාත් සී. දොලවත්තගේ නිවසට සහ දේපලවලට පහරදීමේ සිද්ධියට 33 හැවිරිදි කඩුවෙල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගත්තා. එමෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට අයත් ව්‍යාපාරික ආයතනයක දේපල සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද පුද්ගලයෙකු මාවතගම ප‍්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගැනුණා. සැකකරු පසුගිය මැයි මස 9 වනදා එම ආයතනය බිඳ රුපියල්…

Read More

රජය විසින් නිකුත් කර ඇති පාලන මිලට බිත්තර නිකුත් කිරීමට නිෂ්පාදකයින් එකඟතාවය පළ කර තිබෙනවා. ඒ, වෙළඳ අමාත්‍ය නලින් ප‍්‍රනාන්දු සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. රජය විසින් සුදු බිත්තරයක් සදහා රුපියල් 43ක් සහ දුඹුරු හා රතු බිත්තරයක් සදහා රුපියල් 45ක උපරිම සිල්ලර මිලක් පසුගිය දා නියම කළත් වෙළදපළේ එම මිල ගණන් යටතේ බිත්තර අලෙවි වීමක් සිදු වූයේ නැහැ. එමෙන්ම, උපරිම සිල්ලර මිල නියම කිරීමත් සමඟ වෙළදපල තුල බිත්තර හිඟයක් මේ වනවිට මතුව ඇති අතර, බිත්තර වෙළදසැල් හිමියන් ප‍්‍රකාශ කළේ නිෂ්පාදකයින් පාලන මිලට බිත්තර වෙළඳපොළට නිකුත් නොකරන බවටයි.

Read More

විදුලියෙන් ධාවනය වන ත‍්‍රිරෝද රථ හා බස් රථ මෙරටට හදුන්වාදීම සඳහා සහය දැක්වීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන තීරණය කර තිබෙනවා. ඊට අදාල මූලික සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ ඊයේ ප‍්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙරට තුළ ධාවනය කරන ලක්ෂ දහයකට වැඩි ත‍්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට ආරෝපනය කිරීම තුලින් ඉන්ධන ප‍්‍රශ්නයට පිළියමක් මෙන්ම මගීන්ට පහසු මිලකට ප‍්‍රවාහනය සලසා දීම මෙහි අරමුණයි. මෙම වසර තුළ ත‍්‍රිරෝද රථ 300ක් විදුලි බලයට ආරෝපනය කිරීමට හා ඒ සඳහා ක‍්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ද එහි දී අවධානය යොමු වී තිබෙනවා. මේ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන තුනක මුදලක් වෙන්කිරීමට…

Read More

මෙවර යල කන්නයේ වී අස්වනු නෙලන ප‍්‍රදේශවලට ප‍්‍රමාණවත් පරිදි ඉන්ධන නිකුත් කිරීම සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ් පිළිබඳව වහාම සොයා බලන ලෙසයි අමාත්‍ය මණ්ඩලය ඊයේ රැස්වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ. දැනට අදාළ ප‍්‍රදේශවලට ඉන්ධන ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍ය මණ්ඩලය හමුවේ කරුණු දක්වා තිබෙනවා. මේ අතර, සෑම ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු පත් කොට ඒ හරහා අධීක්ෂණ කටයුතු සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා. පක්ෂ භේදයකින් තොරව අදාළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මන්තී‍්‍රවරුන් පත් කිරීමයි රජයේ අදහස වී ඇත්තේ. මේ පිළිබඳව ඊයේ රැස් වූ…

Read More

මහනුවර සිට බදුල්ල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක් පිලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා මතුව ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා. මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන වැගනයක් රොසැල්ල දුම්රිය ස්ථානය අසලදි පිලි පැන ඇති බවයි රොසැල්ල දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ. පිලි පැනිමට ලක් වු දුම්රිය මැදිරිය පීලිගත කරන තෙක් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කරන පොඩි මැණිකේ සහ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන උඩරට මැණිකේ දුම්රිය දුම්රිය පිලිපැන ඇති ස්ථානය දක්වා ධාවනය කර දුම්රියන් දෙකෙන් ගමන් ගන්නා මගින් දුම්රියන් දෙකට මාරු කර යැවිමට කටයුතු කරනු ඇති. පිලි පැනිමට…

Read More