Author: Admin

මෙරට නාගරික ජනගහනයෙන් සෑම තුන්දෙනෙකුගෙන්ම එක් අයෙකුට විටමින් ‘‘ඞී’’ ඌණතාවය පවතින බව සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය ප‍්‍රකාශ කළා. එහි අගය සියයට 31ක්. එසේම, සියයට 59 දෙනෙකුගේ සිරුරේ විටමින් ඞී මට්ටම ප‍්‍රමාණවත් නැහැ. දකුණු පළාතේ කාන්තාවන් අතරින් සියයට 56 ක් විටමින් ඞී ප‍්‍රමාණවත් නොමැති තත්ත්වයක සිටින බව ද සමීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා. මේ අතර, ආහාර සුරක්ෂිතතාවය නොමැති තත්ත්වයක් තුළ තවත් වසර දෙකකින් හෝ තුනකින් මෙරට දරුවන්, ගර්භණී මව්වරුන් සහ කිරිදෙන මව්වරුන් තුළින් පෝෂණ ඌණතාවයන් දැකගත හැකි වනු ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසනවා. රටක ආහාර සුරක්ෂිතතාවය, යනු ආහාරවල සුලබතාවය, ජනතාවට ආහාර කරා පහසුවෙන් ළඟාවිය හැකිද නැද්ද යන්න මෙන්ම ඒවා පහසු…

Read More

දින 1155 ක් එනම් වසර 03 කට වැඩි කාලයක් විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ සිටි පාකිස්ථානයේ බාබර් අසාම් දෙවන ස්ථානයට පත් කරමින් ඔහු සමග ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසෙන මොහොමඞ් රිස්වාන් එහි පෙරමුණට පැමිණ තිබෙනවා. මේ වනවිට පැවැත්වෙන ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේදී රිස්වාන් තරග 3 ක් ක‍්‍රීඩා කර ලබා සිටින ලකුණු සංඛ්‍යාව 192 ක්. මේ අතර, ශ‍්‍රී ලංකාවේ පැතුම් නිශ්ශංක විස්සයි විස්ස පිතිකරුවන් අතර 8 වන ස්ථානයට පැමිණ තිබෙනවා. විස්සයි විස්ස පන්දු යවන්නන් අතර මහීෂ් තීක්ෂණ ද අට වන ස්ථානයේ පසුවන අතර වනිදු හසරංග 9 වන ස්ථානයට පත්වුණා.

Read More

රංගන ශිල්පිනි දමිතා අබේරත්න කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීම, එහි දේපලවලට හානි කිරීම සහ අයුතු ජනරාශිය යන චෝදනාවලට අදාළවයි. බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේදී ඇය අත්අඩංගුවට ගත් බවයි උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

Read More

රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරනු ලබන සහතික පිටපතක වලංගු කාලය කිසිදු සීමාවකට ලක් නොකර පිළිගන්නා ලෙස අමාත්‍යාංශ කිහිපයකට දැනුම් දී තිබෙනවා. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යන අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් දැනුවත් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන උපත්, විවාහ සහ මරණ ලේඛනයන් හි සහතික පිටපත්වල වලංගු කාලය පිළිබඳව ඇතැම් ආයතන විසින් කාලසීමාවන් දැක්වීම නිසා (උදා- සහතික නිකුත් කළ දින සිට මාස 06 ක කාලසීමාවක් සඳහා පමණක් වලංගු බව) සහතික පිටපත් ලබා ගැනීමට මහජනයා විශාල…

Read More

ජල ගැලිම් හේතුවෙන් ආපදාවට පත්ව සිටින පාකිස්තානුවන් සඳහා තේ තොගයක් පරිත්‍යාග කිරිමට විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා. මෙරට සිටින පාකිස්තාන මහ කොමසාරිස් උමර් ෆාරුක් බුර්කි වෙත අදාළ තේ තොගය විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලී සබ්රි විසින් භාර දුන් බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ. එහිදි ගංවතුර හේතුවෙන් පිඩාවට පත්වූ සහ මිය ගිය පාකිස්තානුවන් සඳහා සිය සංවේගය ද විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි විසින් පළ කර තිබෙනවා.

Read More

මෙරට මුහුදු සිමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. මුලතිව් – අලම්පීල් ප‍්‍රදේශයට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශයේදී මෙම ධීවරයින් ඊයේ සිය භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ. එම ධීවරයින් ඔවුන් ගමන් ගත් ධීවර යාත‍්‍රාව ද සමග වැඩිදුර පරීක්ෂණ සඳහා ත්‍රිකුණාමලය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

Read More

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට අද දිනයේත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, සබරගමුව පළාතට මෙන්ම මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇති විය හැකියි. එමෙන්ම, මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප‍්‍රදේශ වලට පැයට කිලෝමීටර් 50 ක පමණ තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read More

ලබන 15 වනදායින් පසුව පවතින තිරිඟු පිටි හිඟය අවසන් වනු ඇතැයි විශ්වාස කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න පවසනවා. ඔහු කියා සිටියේ ඉදිරියේදී තුර්කියේ සිට තිරිඟු පිටි ආනයනය කරන බවයි. කෙසේ වෙතත්, තිරිඟු පිටි කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 450 දක්වා ඉහළ ගියහොත් ග‍්‍රෑම් 450 හේ පාන් ගෙඩියක මිල රුපියල් 350 දක්වා ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන් පවසනවා. මෙම තත්වය වළක්වා ගැනීම සඳහා රජය කඩිනම් පියවර නොගන්නේ නම් තමන් මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි අසීරුතාවට පත්වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. තිරිගු පිටි මිල ඉහළ යාම හමුවේ මේ වනවිට දිවයින පුරා විවිධ මිල ගණන් යටතේ පාන් අලෙවි වනවා.

Read More

වැලිගම නගර ශාලාවේ පැවැති විවාහ උත්සවයකට බලහත්කාරයෙන් ඇතුළු වී ආහාර ලබා ගැනීමට උත්සහ කිරීමේදී පොලිස් භාරයට ගත් තරුණයින් සිවි දෙනා අවවාද කිරිමෙන් පසු මුදා හැර තිබෙනවා. වැලිගම නගර ශාලාවේ පැවැති විවාහ උත්සවයක් අතරතුර තරුණයින් සිවි දෙනෙකු ඊට බලහත්කාරයෙන් ඇතුළු වී ආහාර ලබා ගැනිමට උත්සහා කරනු ලැබුවේ පසුගිය ඉරිදායි. එහිදි විවාහ මංගලය සංවිධානය කළ පිරිස ඒ පිළිබඳව නගරාධිපතිනි ජි.ජි.එච්. යමුනා කාන්ති දැනුවත් කරනු ලැබුවා. ඊට පසු පොලිස් හදිසි ඇමතුම් අංකයට ලබා දුන් තොරතුරක් මත අදාළ තරුණයින් පිරිස, වැලිගම පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා. එහිදි තරුණයින් සිව්දෙනාගේ දෙමව්පියන්ද පොලිසියට කැඳවා සිද්ධිය පිලිබඳව පැහැදිලි කර ඇති බවයි වාර්තා වන්නේ. ඉන්පසු අවුරුදු 16,17, සහ…

Read More

අතීතයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදුවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ වගවීම සහ රාජ්‍ය ආයතන තුළ ගැඹුරු ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා. ශ්‍රී ලංකාවේ නව රජය මානව හිමිකම් සහ ප‍්‍රතිසන්ධානය ඉදිරියට ගෙනයාම සඳහා ජාතික සංවාදයකට අවතීර්ණ විය යුතු බවයි එහි දැක්වෙන්නේ. ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් සන්ධිස්ථානයක සිටින බව එම වාර්තාවෙන් පිළිගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් සියලූම ජන කොටස්වල සහ සෑම තරාතිරමකම මිනිසුන්ගේ මානව හිමිකම්වලට දැඩි ලෙස බලපෑමක් එල්ල කර ඇති බවද එහි සඳහන්. දරුණු ආරක්ෂක නීති මත යැපීම සහ සාමකාමි…

Read More