Author: Ajith Mendis

වසන්ත කාලය වුනත් පරිසර උෂ්ණත්වය සෙ.ග්‍රේ. 6 යි. දරුණු සීතල කාලගුණයක්. මෙල්බනයේ, උතුරු එපින් රෝහලට ඉදිරිපස තිබෙන සුඛෝපභෝගි ක්විස්ට් හෝටලයේ තෙවන මහලේ සිට ජනේලයෙන් පිටත බැලුවාම ඈතින් පෙනෙන්නේ ඩැන්ඩිනොන්ග් සුන්දර කඳු පන්තියයි. වමට ක්‍රැගිබන් දක්වා යන කෙටි මාර්ගය, ඉදිරියට දකුණු මොරෑන්ග් මාර්ගය. පසුපසට හියුම් අධීවේගි මාර්ගයට දෙසට විහිදුණු මාර්ගය. ඊට විරුද්ධ අතට විහිදෙන්නෙ ත්‍රෝන්බරි හරහා මෙල්බන් අගනගරය දක්වා කි.මි. 20 දුරට විහිදෙන කෙලින් පාර. වෙලාව උදේ 8.45 යි. හොඳට ඉර පායලා. මේ දවස්වල මෙල්බන් වලට ඉර බහින්නේ රෑ අටට විතර. ඉර පායන්නෙත් උදේ පහට විතර. ඉර බහිනව දැක්කත් ඉර පායනවා තවම දැක්කෙ නෑ. ලංකාවට වඩා පැය 5-1/2 කට කලින් ඉර…

Read More

සැත්තෑ වසක් හිරු නොබසින අධිරාජ්‍යය පරමාදරණීය පරමානන්දයක උන්මාද කළ සියවසේ දිරිය ගැහැණිය ඇයයි. අධිරාජණී කිරීටය හිස පැළඳු දා සිට ඇය මුහුණු දුන් අභියෝග ගැහැණියක ලෙස ජීවිත පරිපාකයට පමණක් නොව පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාව වීමටත් ගින්නෙන් පන්නරය ලද වානේ මෙන් ඇයට උපයුක්ත වූවා වන්නට ඇත. එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි ලෙස කෙන්ටබරි දේවස්ථාන මහපොතේ නම ලියවුනද ලෝකය ඇය හැඳින සිටියේ දෙවන එළිසබෙත් මහාරාජනිය ලෙසයි. හැත්තෑ වසරක් එංගලන්ත කිරීටය හොඹවා, අනුහය වසරක් ආයුවළඳා ඇය දෙදහස් විසි දෙකේ සැප්තැම්බර් මස 8 වන බ්‍රහස්පතින්දා දින බල්මොරල් හිදී සදහටම දෑස් පියාගත්තේ හිරු නොබසින අධිරාජ්‍යය වැඩිම කාලයක් පාලනය කළ රැජිනගේ නික්මයාමේ ශෝකාන්ධකාරයේ බි්‍රතාන්‍ය වැසියන් ගිල්වමිණි. ස්වෛරී රාජ්‍යයක් වැඩිම…

Read More

පිලාර් දෙව්සත්හලට පහලින් ශ්‍රීදාවෝ ඉඳන් මන්දූර් දෙසට වැටිල තියෙන පාරේ එක පෙළට තියෙන ටකරං ඇස්බැස්ටොස් වහපු කඩ පේලියේ වහලට උඩින් සුආරි කෝච්චි පාලම පැත්තෙන් රතු පාටට ඉර බැහැගෙන යනවා. එළෝලු කඩ, තේ කඩ, බියුටි සැලොන්, කොමියුනිකේෂන්, පේස්ටි්‍ර ෂොප්, කඩල කඩ, පෙට්ටි කෑම කඩ, බීමහල්, උක්දඩු කරත්ත, මිදි ලෑලි පහුකරගෙන මමයි, තොඩුවාවෙ ෂෙල්ටන් අයියයි අමුල් කිරිපිටි පැකට් එකක් හොය හොයා මන්දූර් පැත්තට ඇවිදගෙන යනවා. හැම තැනම තියෙන්නෙ දියර කිරි. පැයක් විතර කරක්ගහල අමුල් පැකට් එකකුයි ලොගු ජෝගුවකුයි, හීටරේකුයි අරගෙන අපි නතර වෙලා හිටපු පිලාර් දෙව්සත්හලට එනකොට හවස හයට විතර ඇති. මේ 2015 ජනවාරි අට නැන්තං නවය. අපි ගෝවට ආවේ ජනවාරි 14…

Read More

ජාතික ඉන්ධන අවසරපත් ක්‍රමය හෙවත් ූඍ ක්‍රමවේදය මගින් ඉන්ධන මිලදී ගැනීමට ලියාපදිංචි වන වාහන ප්‍රමාණය ඉහළ ගොස් තිබුණත් ඉන්ධන පාරිභෝජනය සැලකිය යුතු මට්ටමින් පහළ ගොස් ඇතැයි ඊයේ (23 දා) ූඍ ප්‍රගති සමාලෝචනයේදී හෙළි වී තිබේ. මේ වනවිට ූඍ ක්‍රමවේදය යටතේ රථ වාහන ලක්ෂ හැටකට වඩා ලියාපදිංචි වී ඇති අතර ඉන් වාහන ලක්ෂ 46 ක් මෙම ක්‍රමවේදය යටතේ ඉන්ධන මිලදී ගෙන ඇත. නමුත් ූඍ ක්‍රමයට ඉන්ධන මිලදී ගැනීමට ලියාපදිංචිය ලැබූ වාහන ලක්ෂ හැටෙන් ලක්ෂ දාහතරක්ම ඉන්ධන ලබාගෙන නැත. ඊට හේතුව සිතාගත නොහැකි බව මේ පිළිබඳ තෙල් සංස්ථාවෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙක්  පැවසීය.

Read More