Author: Bhagya Bandara

අද (18) උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතියි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් දැකිය හැකි බවයිය තවද උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතී. භාග්‍යා බණ්ඩාර.

Read More

රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ කාසල් වීදිය කාන්තා රෝහල ඇතුළු රෝහල් කිහිපයකම රුධිර පරීක්ෂණ කටයුතු රැසක් ඇනහිට තිබේ. මේ හේතුවෙන් පෞද්ගලික රසායනාගාරවලින් රුධිරය පරීක්ෂා කරගැනීමට රෝගීන් සිදු වි තිබේ. එසේම රුධිර දායකයින් ලබාදෙන රුධිරය රෝගීන්ට ලබාදීමට පෙර  HIV ඇතුළු රෝගකාරක වෛරස තිබේදැයි පරික්ෂා කිරීමට භාවිත කරනු ලබන එලයිසා නමැති රසායනික ද්‍රව්‍යය ප්‍රමාණවත් වන්නේ තවත් සතියකට පමණක් බව පසුගිය 8 වනදා සෞඛ්‍ය වෘත්තිකයින් අනාවරණය කළේය. භාග්‍යා බණ්ඩාර.

Read More

කෘෂිකර්මාන්තය අප ජීවනෝපායයි. ශිෂ්ටාචාර ආරම්භය සනිටුහන් වන්නේ කෘෂිකර්මාන්තය සමඟයි. ගංගා ආශ්‍රිත ජනාවාස බිහි වීම එහි එක් පියවරකි. තමා ජීවත්වන අවට පරිසරයෙන් ආහාර බෝග සොයාගත් මානවයා වර්තමානය වන විට අධි තාක්ෂණය සමග ගැටේ. තාක්ෂණය නිසා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ විවිධ ජයග්‍රහණ ලබා තිබේ. අතීතයට සාපේක්ෂව වර්තමානය සතුටුදායකය. නමුත් අතීතය සිත් ගන්නා සුළුය. “ගමයි පන්සලයි වැවයි දාගැබයි” යන ජනවහර වර්තමාන ජනයාට මතක නැතුවා වැනි ය. වගකිව යුත්තේ කවුරුන් දැයි සිතා ගත නොහැකිය. ගොවියා සිරගත කර හමාරය. ඉන් නිදහස් වීමට නඩු ගණනාවකට සහභාගි වීමට ගොවියාට සිදු වනු ඇත. කෙසේ හෝ නඩුව දිය හැකිනම් අනාගතය පරපුර සිත්ගන්නා සමාජයට වග කියනු ඇත. ගැටලුව ඇත්තේ නඩුව දිනන ආකාරය…

Read More

ඊයේ (15) බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනයවූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරණයට පත්විය. දුම්රිය මාර්ගයේ ගමන්කළ මොහු කුඩා පයාගල ප්‍රදේශයේදී දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්වී ති‌බේ. මෙලෙස මියගොස් ඇත්තේ, 53 හැවිරිදි නිර්මලවත්ත, මග්ගොන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර පයාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. භාග්‍යා බණ්ඩාර.

Read More

අද (16) ගම්පහ දිස්ත්‍රික්කයෙන් සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීමේ විශේෂ නියමු වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත වේ. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර ලබාදීම වෙනුවෙනි. වසර 40ක පමණ සිට ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනය කරන ලද ඉල්ලීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි විය. ඒ අනුව මෙහි ප්‍රගතිය අනුව ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ මධ්‍යම සම්මේලනයේ සාමාජිකත්වය දරන දිවයින පුරා සිටින ලක්ෂ 3කට ආසන්න පිරිසට ඉදිරියේ දී රියදුරු බලපත්‍ර ලබාගැනීමේ හැකියාව හිමි වනු ඇත. භාග්‍යා බණ්ඩාර.

Read More

ඊයේ (15) උදෑසන මාතලේ කූඹියන්ගොඩ ප්‍රදේශයේ බාලිකා පාසලක දැරියන් 43 දෙනෙකු ශ්වසන අපහසුතාවයක් හේතුවෙන් හදිසියේ රෝහල්ගත කෙරුනි. ඉන් දැරියන් 29 දෙනෙකු ප්‍රතිකාර ගෙන මේ වනවිට රෝහලෙන් පිටවගොස් තිබේ. දැරියන් 14 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී. ඒ පිළිබඳව පොලීසිය ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙසේ හදිසියේ ඇතිවූ ශ්වසන අපහසුතාවයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.  භාග්‍යා බණ්ඩාර.

Read More

ජී 20 රාජ්‍ය නායක සමුළුව අද (15) දින ඉන්දුනීසීයාවේ බාලි දූපත්හි ආරම්භ වේ. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර විශේෂ හමුවක් සමුළුවට සමගාමීව ඊයේ (14) සිදු විය. එහිදී දෙපාර්ශවය අතර තායිවානය ගැටලුව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. එක් චීනයක් ප්‍රතිපත්තියක් තවදුරටත් පිළිගන්නා අතර චීනය සමග නව සීතල යුද්ධයක් ආරම්භ නොකරන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ. භාග්‍යා බණ්ඩාර.

Read More

අද (15) දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල බොහෝවිට වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදීද වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි. භාග්‍යා බණ්ඩාර.

Read More

ඉතා ඉහළ ඝනත්වයකින් ගස් වැවී ඇති ප්‍රදේශයක් වනාන්තරයක් ලෙස සරලව නිර්වචනය කළ හැකිය. අතීතයේදී නම් දඩයම් සඳහා වෙන් කෙරුණු ශාක සහිත ප්‍රදේශයක් වනාන්තරයක් ලෙස හඳුන්වා ඇත. විවිධ මිනුම් දඬු අනුව වනාන්තරයක් යන්නට විවිධ නිර්වචන ඉදිරිපත් කර ඇත. මෙම ශාක සමූහයන්, එනම් වනාන්තර පෘථිවියේ විශාල ප්‍රදේශයක් වසා පැතිර ඇති අතර සත්වයින් විශාල ප්‍රමාණයකට වාසස්ථාන සපයා ඇත. එමෙන්ම ජලය ගලා යාම පාලනය සහ පාංශු සංරක්ෂණය ආදී ක්‍රියාවන් මගින් ජෛවගෝලයේ ඉතා වැදගත් අංශ වලින් එකක් නියෝජනය කරනු ලබයි. එමෙන්ම වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් මට්ටම පාලනය කිරීම සම්බන්ධයෙන් ද වනාන්තර වැදගත් වේ. වනාන්තර විනාශ කිරීම හේතුවෙන් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාම සිදුවේ. ගසක් වර්ධනය වීමට සුදුසු…

Read More

ආසියාව යනු ලෝකයේ අනෙක් රටවල් සමඟ ගත් කල සංස්කෘතියෙන් හා සදාචායෙන් බැඳුණු කලාපයකි. ආසියා කලාපයේ රටවල් ලෙස ශ්‍රී ලංකාව, ජපානය, ඉන්දියාව, තායිලන්තය, වියෙට්නාමය, කොරියාව, ජපානය වැනි රටවල් හඳුනාගත හැකිය. අනෙක් රටවලට වඩා මෙම කලාපයේ රටවල් වෙනස්ය. ආසියානු රටවල ජන ජීවිතය, සංස්කෘතිය, චාරිත්‍ර වාරිත්‍ර, ආගම කේන්ද්‍ර කරගත් සමාජයක් පවතී. බුදුදහම – මහායාන, ථෙරවාදි හින්දු දහම – මහා බ්‍රහ්මයා ආසියා කලාපයේ රටවලට උචිත වූ, ආවේණික වූ සංස්කෘතියක් පවතී. රටකින් තවත් රටකට මේවා වෙනස් වේ. එය විශේෂ කරුණකි. ශ්‍රී ලංකාව අත් දෙක එකතු කර ආචාර කරයි. ජපානය හිස නමා ආචාර කරයි. මෙවැනි විවිධ වූ කරුණු කාරණා මගින් ඒ ඒ සංස්කෘතික අංග වර්ධනය වී…

Read More