Author: Chalani Yapabandara

අඳුරක අතරමන් වීමට වඩා ආලෝකයක පසුපස යාම ගමනාන්තයක් දෙසටම රැගෙන යයි ඔබ නිසැකවම ආතමයට පාර පෙන්වන ආලෝකයක් සොයා ගැනුමට නම් අන්ධකාරයේ මාරුතයන් පසුකළ යුතුමයි ඔබ… ඕනෑම සංස්කෘතියකට අයත් කලාවක් තියෙනවා. කවියත් අයිති ඒ කලාවට. මුස්ලිම්වරුන්ටත් කලාවක්, සාහිත්‍යයක්, කාව්‍යකරණයක් තියෙනවා. අරාබි ජාතිකයන්ට ආවේණික අරාබි හා පර්සියානු කාව්‍යකරණයක් තියෙනවා වගේම දකුණු ආසියානු කලාපයේ ලාංකීය මුස්ලිම්වරුන්ටත් ඔවුනට ආවේණික කාව්‍යකරණයක් තියනවා. ඉතින්, සිංහල භාෂාවෙන් ඉස්ලාමීය කාව්‍යකරණයට නතු වුණු අපේ යුගයේ කවියා, මිනාස් ආයුබෝවන් ආයුබෝවන් ඔබ වැනි කවියෝ ලංකාවේ හරි දුර්ලබයි. ඒ දුර්ලබ අවස්ථාවක අපේ සංවාද පටන් ගන්නට මත්තෙන් ඔබව හඳුනාගෙන හිටියොත් හොඳයි. නම, එම් එන් එම් මිනාස්. මොහොමඩ් නව්ශාඩ් මොහොමඩ් මිනාස්. පදිංචිය නුවරඑළිය.පාසල මතක්…

Read More

2022 වසරේ ආසියානු හොඳම ගුරුවරයා සම්මානය මෙවර හිමිවූයේ ශ්‍රී ලංකාවේ අසිත් මුතුකුමාර ජයරත්න මහතාය. 2018 වසරේ ලංකාවේ හොඳම ගුරුවරයා වූ හෙතෙම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උත්තමයෙකි. ගුරුවරයෙක් යනු සැබෑම මනුසත්කම් සපිරි පුද්ගලයෙක් බව සනාථ කිරීමට මොහු කදිම නිදසුනක්. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයෙන් ඉගෙනුම ලත් ඔහු 2014 වසරේදී කල්පිටිය දළුව පාසලේ නාට්‍ය හා රංග කලාව ගුරුවරයෙක් ලෙස ගුරු ජීවිතයට අත්පොත් තබා ඇත. මෙලෙස තම රැකියාවට පිවිසි ඔහු තම කාර්යය ඉතා නිවැරැදිව සිදු කර ඇත්තෙකි. ජීවිතේ බොහෝ කටුක අත්දැකීම් මැද්දෙන් ආ ඔහු තමාගේ ගමන ආ ඔහුගේ හීනය තිබ්බේම නළුවෙක් වීමටය. රාජ්‍ය නාට්‍ය යොවුන් නාට්‍ය උළෙල ඔහුගේ ජීවිතේම වෙනස් කරන්නට සමත් විය. තිබෙන ආර්ථික…

Read More

ළමා ලෝකයටම වෙන් වූ ලෝක ළමා දිනය මෙවරත් ” සිනහ දකින අපේ ලොවක්” නමින් පැවතිණි. ලෝක ළමා දින සැමරුම වෙනදා මෙන් කොළඹ විහාර මහා දේවි උද්‍යාන පරිස්‍රයේදී මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට බොහෝ මාධ්‍ය නාලිකාවන් මෙන්ම බොහෝ ආයතන කටයුතු කර තිබුණි. දස දහස් ගණනක් ජනකායකගෙන් උදෑසන සිට පිරී ඉතිරී ගිය විහාර මහා දේවී පරිස්‍රයේ විවිධ ක්‍රීඩා තරඟ, සංගීත වැඩ සටහන්, ත්‍යාග පිරි නැමීම් ආදියෙන් අලංකාර වී තිබුණි. කොවීඩ් උවදුර හේතුවෙන් ළමා මනස එක් තැන් වී තිබුණද මෙය සියළු දෙනාට විනෝද වීමට අවස්ථාවක් විය. දෙමාපියන් උදෑසන සිට තම ආදරණීය දුවා දරුවන් සමඟින් ලෝක ළමා දින සැමරුම වෙත ඇදී ආවේ කාලයකින් පසුව…

Read More

“හුඟක් ඉස්සර නුඹව දුටු තැන පිපෙනවා ලු මල් ඉඳහිට අද යන එන අයට පෑගී මිය අදිනවාලු හදවත හුස්ම ගන්නට බැරිම දවසක පපුවෙන් උදුරා ගුලි කොට විසි කලා එය ඈත පෙනෙනා කලුම කලු අහසට ඔය දිලෙන්නේ හඳ නෙවෙයි මගෙ හදවත” හඳ තරම් ලෙන්ගතුම කවි හිතක් එක්ක අද අපේ කතා බහ ඇරඹෙන්නේ මුහුණු පොතේ කවි කෙරූ දැනට ක්ෂෙත්‍රයේ ආධුනික කවියෙකු වන යසිත උපමාල් ජයසිංහ නම් තරුණ කතුවරයා සමඟයි. ඉතින් අවසරද, පිටකවරයක් දැමූ හිතක ඇතුලාන්තයට කතා කරන්න අපිට? ආයුබෝවන් යසිත සහෝදරයා, ආයූබෝවන්. ඔව් නිසැකවම අපි කතා කරමු ඒ ගැන. හිතක් එළි කරන එකත් පහසු දෙයක් නෙවේ. මේ පිටකවරයක් දැමූ හිතක් ? මම හරි…

Read More

මිනිස් ජීවිත ආවරණය කිරීම සුළුපටු කාරණාවක් නම් නොවේ. ඒ තුළ සැගව ඇති රස මුසු තැන් සේම අපට නොපෙනෙන දුක් මුසු තැන් සීරුවට ගලපන්නට නම් ඔහු හෝ ඇය තුළ තිබිය යුත්තේ සංයමයෙන් යුත් භාෂා රටාවකි. භාහිර සමාජයට යමෙක් එක් පුද්ගල චරිතයක් පමණක් විය හැකිය එනමුත් ඔබටත් මටත් අප කාටත් අපේම කතාවක් ඇත. එය කියවා නිම නොකළ හැකි තරම් එකක් විය හැකිය. ඇතැම් ප්‍රබන්ධයන් ලියවෙන්නට ගන්නේම එවන් සන්දර්භයන් තුළයි. අප දකින අසන පුද්ගලයා කවරෙක්ද , ඔහුගේ ජීවිත කතාව කෙබදුද යන්නත් මෙන්ම අප පුද්ගලයෙක්ගේ චරිතයක් වැළඳ ගන්නා ආකාරය අනුව අප දරාගන්නා වූ මතවාදයන් වෙනස් වන්නට පුළුවනි. අද බොහෝ පුවත්පත් වල, ඩිජිටල් පුවත්පත් වල…

Read More

ජීවිතේ කියන්නෙම අහම්බයක්, අහම්බෙන් ලැබුණ ජීවිතය තුළ අපි සියලු දෙනාට අපිටම උරුම වූ කතාවක් තිබේ. එය මට මෙන්ම ඔබටත් එලෙසින්ම තිබෙණු නිසැකයි. හිස් අතින් මෙලොවට පැමිණි මිනිසුන් ලොවම වෙනස් කරන්නට සමත් වූවන් දක්වා එන ගමන්මගේ තිබෙන්නේ ම ඔවුන්ගේ ජීවිත කතාවයි. සාහිත්‍යධරයෙක්, කවියෙක්, දේශපාලඥයෙක්, ගායකයෙක්, නර්තන ශිල්පීයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, ගුරුවරයෙක් ආදී එකී නොකී චරිතාපදාන පමණක් නොව සමාජය තුළ අපට නොපෙනෙන්නට සැඟවී තිබෙන්නා වූ උත්කෘෂ්ට ගණයේ චරිතයන්ට පණ පොවන්නට, ඔවුන්ගේ ජීවිත කතාව නො ඉවසිල්ලෙන් යුතුව කියවා හමාර කරන්නට අප කවුරුත් කැමතියි. එපමණක් නොව එම චරිතයන්ගෙන් ගත හැකි ආදර්ශ අවවාදයන් බොහෝමයක් ඇත. කියවා නිම කළ නොහැකි ජීවිත කතාවන් කැටිකොට අරුත් ගන්වන්නට ඒ තුළින්…

Read More