Author: Chathuranga Ekanayaka

වසර ගණනක් පුරා බාලගිරි දෝෂයට හසු වී තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වේ. තරගාවලිය පැවැත්වෙන බව පමණක් නොව පැවැත්වෙන ස්ථානයද දැන් ස්ථීරය. එය පැවැත්වෙන බව ස්ථීර ව තිබුණ ද ඒ කොහෙද යන්න එහෙට මෙහෙට ඇදෙමින් තිබුණි. නියම ලෙස නම් එය පවත්වන්නට තිබුණේ ශ්‍රී ලංකාවේය. එහෙත් ඉතිහාසයේ කිසිදා නොවූ විරූ තත්ත්වයකට රට ඇදවැටීමේ ප්‍රතිඵලය මත අපට අහිමි වූ බොහෝ දේ අතරට ආසියානු කුසලාන තරගාවලියද එක් විය. එය කලින් සැලසුම් කළ පරිදි මෙරට පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු සියලු උත්සාහ දැරූහ. නොයෙක් සාකච්ඡා වට පැවැත්වූහ. ඒ සියල්ල ජය ගත් ඔවුන්ට අවසානයේ එක් දෙයක් පරහට සිටියේය. තරගාවලිය ශ්‍රී ලංකාව තුළ පවත්වන්නේ නම්…

Read More