යුවාන් වැන්ග් 5 චීන අධි තාක්ෂණික පර්යේෂණ හා නිරීක්ෂණ නෞකාව අද(11) දිනයේ හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබුණත් එය මේ වනවිට ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 600 ක පමණ දුරින් ඉන්දියන් සාගරයේ යාත්‍රා කරමින් තිබේ. තම අවසරයකින් තොරව කිසිදු නෞකාවක් හම්බන්තොට වරායට ඇතුල් කිරීමට නොහැකි බව හාබර් මාස්ටර්වරයා ප්‍රකාශ කළේ ය.
Author: Niroshan Hathurusinghe
අද නිකිනි පොහෝ දිනයයි.දළදා මාළිගයේ වාර්ෂික දළදා පෙරහරේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද රාත්‍රී වීථි සංචාරය කරයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුව සිට තායිලන්තය බලා හෙට පිටත්ව යාමට නියමිත බව එරට මාධ්‍ය පවසයි.ඒ මහතා ජූලි මස 14 වැනිදා සිට සංචාරක වීසා මත සිංගප්පූරුවේ රැදී සිටියි.
30000/= Location – Polonnaruwa Contact – 077 5247777
Price – 95000/= Location – Polonnaruwa Contact – 077 5247777
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වීමට ජාතික ජන බලවේගය සූදානම් නැතැයි එම බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (03 වැනිදා) සඳහන් කළේය. ජනාධිපතිවරයා යෝජනා කරන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොව ඔහුගේ සහ රාජපක්ෂලාගේ නායකත්වයෙන් ගොඩනැගෙන ආණ්ඩුවක් සඳහා අනෙක් පක්ෂවල සහාය ලබා ගැනීම පමණක් යැයි ද දිසානායක මහතා පැවසීය. එකී ආණ්ඩුව සඳහා නිශ්චිත කාල වකවානුවක් නොමැති බවත් එවන් තත්ත්වයක් තුළ එවැනි කටයුත්තක් සඳහා එක්වීම සිදුකළ නොහැකි බවත් ඔහු කීවේය.
ගාලුමුවදොර අරගල කරුවකු ලෙස කටයුතු කළ ධානිෂ් අලි නැමැත්තාට දින 14 සිරදඩුවමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියම කර ඇත.රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී ජංගම දුරකතනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම අනුව මෙම සිර දඩුවම් නියම කර තිබේ.ඒ අනුව ඔහු වැලිකඩ බන්ධනාගාරයට මාරුකර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ පළාත් හතරක දිස්ත්‍රික්ක 9කට බල පා ඇති වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (03 වැනිදා) වන විට පවුල් 3037ක පුද්ගලයන් 12289 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මධ්‍යම, දකුණ, උතුර සහ සබරගමු පළාත් හි යාපනය, නුවරඑළිය, නුවර, මාතලේ, ගාල්ල, හම්බන්තොට, මාතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන් වෙත මෙම අයහපත් කාලගුණ තත්ත්වය බලපා ඇත. වැඩිම බලපෑමක් සිදු ව ඇති රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 1765කට අයත් පුද්ගලයන් 6885 දෙනකු පීඩාවට පත්ව තිබේ.
මහජනයාගේ විශ්වාසය ගොඩනැගීමට සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍ය බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ඊයේ (03 දා) පැවසීය. කොළඹදී පැවති මාධ්‍ය හමුවේ තවදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කීය. අපි තමයි සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවිය යුතුයි කියලා මුලින්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට යෝජනා කළේ. නමුත් එතුමා ඒ යෝජනාව බැහැර කරපු හින්දා අද එතුමාට අත්වෙලා තියෙන ඉරණම පේනවනේ. ඒ නිසා මේක දේශපාලන පක්ෂ භේදයකින් තොරව හැමෝම දුක් විඳින වෙලාවක්. දේශපාලනඥයන් කාගේත් වගකීමක් තියෙනවා මේ ප්‍රශ්නයට උත්තර හොයලා දෙන්න. මහජනයාගේ විශ්වාසය ගොඩනගන්න සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍යයි.
කාන්තා මීටර් 800 මුලික වටයට තරග කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයන්තා අබේරත්න නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීමට සමත් වූවාය. ඒ එම ඉසව්ව මිනිත්තු 2.01.20කින් නිමාවට පත් කරමිනි. කෙසේ වෙතත් එම ඉසව්වේදී පස්වැනි තැනට පත්වූ ගයන්තිකාට අවසන් තරගයට යෑමේ බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවූවාය. කාන්තා මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාවට මීට පෙර ද හිමිකම් කීමට ගයන්තිකා අබේරත්න සමත්වී සිටි අතර එහිදී ඇය වාර්තා කර තිබූ කාලය මිනිත්තු 2.01.44කි.