Author: Niroshan Hathurusinghe

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කරන සර්ව පාක්ෂික ආණ්ඩුවකට සම්බන්ධ වීමට ජාතික ජන බලවේගය සූදානම් නැතැයි එම බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (03 වැනිදා) සඳහන් කළේය. ජනාධිපතිවරයා යෝජනා කරන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නොව ඔහුගේ සහ රාජපක්ෂලාගේ නායකත්වයෙන් ගොඩනැගෙන ආණ්ඩුවක් සඳහා අනෙක් පක්ෂවල සහාය ලබා ගැනීම පමණක් යැයි ද දිසානායක මහතා පැවසීය. එකී ආණ්ඩුව සඳහා නිශ්චිත කාල වකවානුවක් නොමැති බවත් එවන් තත්ත්වයක් තුළ එවැනි කටයුත්තක් සඳහා එක්වීම සිදුකළ නොහැකි බවත් ඔහු කීවේය.

Read More

ගාලුමුවදොර අරගල කරුවකු ලෙස කටයුතු කළ ධානිෂ් අලි නැමැත්තාට දින 14 සිරදඩුවමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියම කර ඇත.රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියදී ජංගම දුරකතනයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් වරද පිළිගැනීම අනුව මෙම සිර දඩුවම් නියම කර තිබේ.ඒ අනුව ඔහු වැලිකඩ බන්ධනාගාරයට මාරුකර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දිවයිනේ පළාත් හතරක දිස්ත්‍රික්ක 9කට බල පා ඇති වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (03 වැනිදා) වන විට පවුල් 3037ක පුද්ගලයන් 12289 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මධ්‍යම, දකුණ, උතුර සහ සබරගමු පළාත් හි යාපනය, නුවරඑළිය, නුවර, මාතලේ, ගාල්ල, හම්බන්තොට, මාතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන් වෙත මෙම අයහපත් කාලගුණ තත්ත්වය බලපා ඇත. වැඩිම බලපෑමක් සිදු ව ඇති රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 1765කට අයත් පුද්ගලයන් 6885 දෙනකු පීඩාවට පත්ව තිබේ.

Read More

මහජනයාගේ විශ්වාසය ගොඩනැගීමට සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍ය බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ඊයේ (03 දා) පැවසීය. කොළඹදී පැවති මාධ්‍ය හමුවේ තවදුරටත් කතාකළ ඒ මහතා මෙසේද කීය. අපි තමයි සර්ව පාක්‍ෂික පාලනයක් පිහිටුවිය යුතුයි කියලා මුලින්ම ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාට යෝජනා කළේ. නමුත් එතුමා ඒ යෝජනාව බැහැර කරපු හින්දා අද එතුමාට අත්වෙලා තියෙන ඉරණම පේනවනේ. ඒ නිසා මේක දේශපාලන පක්‍ෂ භේදයකින් තොරව හැමෝම දුක් විඳින වෙලාවක්. දේශපාලනඥයන් කාගේත් වගකීමක් තියෙනවා මේ ප්‍රශ්නයට උත්තර හොයලා දෙන්න. මහජනයාගේ විශ්වාසය ගොඩනගන්න සර්ව පාක්ෂික පාලනයක් අවශ්‍යයි.

Read More

කාන්තා මීටර් 800 මුලික වටයට තරග කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකා ගයන්තා අබේරත්න නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීමට සමත් වූවාය. ඒ එම ඉසව්ව මිනිත්තු 2.01.20කින් නිමාවට පත් කරමිනි. කෙසේ වෙතත් එම ඉසව්වේදී පස්වැනි තැනට පත්වූ ගයන්තිකාට අවසන් තරගයට යෑමේ බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවූවාය. කාන්තා මීටර් 800 ශ්‍රී ලංකා වාර්තාවට මීට පෙර ද හිමිකම් කීමට ගයන්තිකා අබේරත්න සමත්වී සිටි අතර එහිදී ඇය වාර්තා කර තිබූ කාලය මිනිත්තු 2.01.44කි.

Read More

ඇෆ්ගනිස්ථානයේදී කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඇමරිකාව විසින් ඝාතනය කළ බව ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කළේය. පසුගිය ඉරිදා ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී CIA සංවිධානය විසින් සිදු කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී ඔහු මිය ගියේය. සවාහිරි “ඇමරිකානු පුරවැසියන්ට එරෙහිව මිනීමැරුම් සහ ප්‍රචණ්ඩත්වය පතුරුවා ඇති” බව බයිඩන් පැවසීය. “දැන් යුක්තිය ඉටු වී ඇති අතර මෙම ත්‍රස්තවාදී නායකයා තවදුරටත් අප අතර නැහැ,” ඔහු තවදුරටත් පැවසීය.

Read More

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ගුරු මැදුරේ සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ඉකුත් මැයි මස 28වැනිදාකොටුව බැංකු මාවත ප්‍රදේශයේ දී උසාවි නියෝග කඩ කරමින් උද්ඝෝෂනයේ නිරතවීමේ චෝදනා මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තමා ජනාධිපතිවරයා ලෙස ප්‍රථම වරට පාර්ලිමේන්තුව අමතන්නේ සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ ජනාධිපතිවරයා ලෙස සහ සියලුම අගම්වලට ගරුකරන රාජ්‍ය නායකයා ලෙස බව 09 වැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සභාවාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.එසේම රට ගොඩ නැගීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකට එක්වී කටයුතු කළ යුතු බවත් ඒ සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා එක්වන ලෙස යළිත් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

Read More

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ කුමාර වෙල්ගම මහතා සර්වපාක්ෂික ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙයි.

Read More